තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාර්ක් (Grand Monarch) හෝටලයේ විදුලි සෝපානය හදිස්සියේ අක්‍රියවීම නිසා එම අවස්ථාවේ එහි සිටි 10 දෙනෙකු පමණ ඉතා ආයාසයෙන් බේරාගෙන තිබේ.
මේ සිද්ධිය සිදුවීම ඊයේ (03) සිදුව ඇති අතර, අදාළ පිරිස විනාඩි 10ක් පමණ එහි සිරව සිටි බවද පැවසේ.
එසේ සිරව සිටි පිරිස තම ජීවිත බේරා දෙන්නයි කියමින් විලාප තබා ඇතැයි “දිවයින” පුවත්පත වාර්තා කර ඇත.
මේ හෝටලයේ විවාහ උත්සව දෙකක් ඊයේ පැවැති බවත් ඒයට සහභාගිවූ ආරාධිතයන් මෙහි ගමන් කරමින් සිටියදී මේ අනතුර සිදුව ඇත.
විදුලි සෝපානය අක්‍රිය වූ අවස්ථාවේ මොවුන් බේරා ගැනීමට එම හෝටලයේ පිරිස් උත්සහ කළත්, එය බිමට කඩා වැටී තිබේ.
කෙසේවුවද, එහි සිටි පිරිස කම්පපනය පත්ව සිටියද ඔවුන්ට කිසිදු අනතුරක් වී නොමැත.
එහි ගමන්ගත් පිරිස පවසන්නේ මේ විදුලි සෝපානයේ අලුත්වැඩියා කටයුතු නිසි අයුරින් සිදු නොකිරීම නිසා මේ අනතුර සිදුව ඇති බවයි.
මේ අතර, හෝටල් පාලනාධිකාරිය පවසා ඇත්තේ පමණ ඉක්මවා සෝපානයට පිරිස ගොඩවී ඇති බවත්, සීනුව වදිද්දී ඔවුන් සෝපානයේ ගමන් කිරීම නිසා මේ අනතුර වී ඇති බවයි.