පුවත්

තලෙයිමන්නාරමේ 10 හැවිරිදි දැරියක් මරා දාලා

Published

on

තලෛමන්නාරම ප්‍රදේශයේ අතුරුදහන් වූ දස හැවිරිදි දැරියකගේ මළසිරුර නිවසේ සිට මීටර 300ක් ආසන්නයේ පිහිටි ඉඩමකින් අද (16) හමුවී ඇති බව පොලිසිය පවසයි.

ඊයේ දිනයේදී දැරිය අතුරුදහන් වූ බවට ඇගේ මිත්තණිය විසින් සිදුකළ පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබුණි.

දැරිය කිසියම් ලිංගික හිංසනයකට ලක්වී ඇති බවට පොලිසිය සැකකරන අතර,  යන්න සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් පරීක්ෂා කිරීමට නියමිත බවය.

පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා දේහය මන්නාරම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකටයුතු පුද්ගලයෙකු අද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

Trending

Exit mobile version