පුවත්

තවත් අවබෝධතා ගිවිසුමකට කැබිනට් අනුමැතිය

Published

on

ශ්‍රී ලංකා රේගුව හා ඕස්ට්‍රේලියානු දේශසීමා බලකාය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස නීතිපතිගේ නිෂ්කාශනය හිමිවී තිබේ.

ඒ අනුව, එම අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

රටවල් දෙකේම බලාත්මක නීති, රෙගුලාසි, කාර්ය පටිපාටි හා ප්‍රතිපත්ති වලට යටත්ව, රේගු කටයුතු වලට අදාලව සහයෝගීතාව හා අන්‍යෝන්‍ය සහය ශක්තිමත් කිරීම, ප්‍රවර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම යෝජිත අවබෝධතා ගිවිසුමේ අරමුණු වේ.

Trending

Exit mobile version