පුවත්

තවත් ඉන්දියන් බෙහෙතක් භාවිතයෙන් ඉවත්කරයි; ශල්‍යාගාරත් වහයි

Published

on

භාවිතයෙන් පසු ආසාදන තත්ත්වයන් මතුවීම හේතුවෙන් ඉන්දියාවෙන් ගෙන්වූ ඇස් සඳහා භාවිත කරන පෙරෙඩ්නිසොලෝන් දියර තොගයක් වහාම භාවිතයෙන් ඉවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශය සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට දැනුම්දී තිබේ.

අදාළ ඖෂධය රෝහල් වෙත සැපයීමද මේ වනවිට අත්හිටුවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයුම් අංශය ප්‍රකාශ කළේ 

ජාතික අක්ෂි රෝහලේ සිදුකළ ශල්‍ය කර්මවලින් පසුව එකවර රෝගීන් තිදෙනෙකුගේ ආසාදන මතුවීම හේතුවෙන් මේ තීන්දුව ගෙන තිබේ.

එම ශල්‍යකර්ම සඳහා භාවිත කළ සියලු ද්‍රව්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවද මේ අතර වාර්තා වේ.

පැය 48 කට පසු ලැබුණු වාර්තා අනුව එක් ඖෂධයක් මෙම ආසාදනවලට හේතුවී ඇතැයි හදුනාගෙන තිබේ.

ආසාදන මතුවූ රෝගීන් ශල්‍යකර්මවලට ලක් කළ ශල්‍යගාර තුළ එම විෂබීජය තිබිය හැකි බැවින් ඒවා වසා දැමීමට මේ වනවිට පියවර ගෙන ඇති බවද පැවසේ.

Trending

Exit mobile version