Connect with us

පුවත්

තවත් ඖෂධ වංචාවක්

Published

on

2023 වර්ෂයට අදාළව වෛද්‍ය සැපයුම් අංශය සිදුකළ එන්නත් මිලදී ගැනීමකදී රජයට රුපියල් මිලියන 97ක පාඩුවක් සිදුව ඇති බවට නීතිපතිවරයා ඊයේ (08) මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කලේය.

ඒ අනුව, මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අල්ලස් කොමිසමට නියෝග කළේ, පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙසය.

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝගොබියුලින් එන්නත් මිලදී ගැනීමේදී වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායක මහතාගේ පාලන සමයේ සිදුවූ තවත් වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

එම කොට්ඨාසය වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මීණී ගිරිහාගම මෙනෙවිය සඳහන් කළේ, “ලැක්ටියුලෝස්” නම් ඖෂධය මිලදී ගැනීමේදී මෙම වංචාව සිදුව ඇති බවය.

“ස්වාමිනී, ලැක්ටියුලෝස් 120 ම්ල්කියන සිලින්ජරය වෛද්‍ය සැපයුම් අංශයට සපයන්න මෙඩිකොම් කියන ආයතනය වසර 05කට ගිවිසුම්ගත වී තිබෙනවා. නමුත් එම ආයතනය සතු ඖෂධ සැපයීමට අදාළ ලියාපදිංචි සහතිකය කල් ඉකුත්වීම නිසා, 2023 වසරේ යම් කාලයකට ඖෂධය සැපයීමට ඔවුන්ට නොහැකි වනවා. එම සමාගම එවකට වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂවරයාව සිටි කපිල වික්‍රමනායකට දැනුම් දී තිබුණේ අදාළ ඖෂධ සිලින්ජර කුප්පියක් රුපියල් 1,408කට ලබාදිය හැකි අතර, ලියාපදිංචි සහතිකය හැකි ඉක්මණින් සකස් කරගන්නා බවටය. එසේ තිබියදීත් වෛද්‍ය සැපයුම් අංශය එක් එන්නත් සිලින්ජරයක් රුපියල් 2,490 බැගින් ලබාගැනීම සඳහා ටෙන්ඩරය නිව්ජන් නැමැති වෙනත් සමාගමකට ලබාදෙනවා. එලෙස එන්නත් සිලින්ජර 90,000ක් සඳහා ටෙන්ඩරය ලබාදීමෙන් රජයට සිදුව ඇති පාඩුව රුපියල් මිලියන 97.3ක්. මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අල්ලස් කොමිසමට යොමුකර විමර්ශනයක් ආරම්භ කරන ලෙස මා ඉල්ලා සිටිනවා.”

කරුණු සලකා බැලූ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය මෙම පැමිණිල්ලට අදාළව ඉදිරි පියවර ගන්නා ලෙස අල්ලස් කොමිසමට නියෝග කලේය.

පුවත්

පොසොන් උත්සවයට විශේෂ දුම්රිය සේවා අද සිට

Published

on

By

පොසොන් උත්ස­වය වෙනු­වෙන් අද (09)‍ සිට ලබන 12 වැනිදා තෙක් කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පු­ර­යට විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියා­ත්මක කරන බව දුම්රිය දෙපා­ර්ත­මේ­න්තුව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ කොටුවේ සිට අනු­රා­ධ­පුර දක්වා දුම්රිය ගමන් වාර 20ක් සහ අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක බව දුම්රිය සාමා­න්‍යා­ධි­කාරී ධම්මික ජය­සු­න්දර මහතා පව­සයි.

අනු­රා­ධ­පු­රයේ සිට මිහි­න්තලේ දක්වා දුම්රිය ගමන් වාර 36ක් ක්‍රියා­ත්මක වන්නේ නොමිලේ බව ඒ මහතා සඳ­හන් කලේය.

අනුරාධපුර වන්දනාවේ පැමිණෙන පිරිස් සඳහා ආපසු යෑමටද විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

පශු වෛද්‍ය වර්ජනය අරඹයි

Published

on

By

රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (09) දිනයේ දී සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජයේ පශු වෛද්‍යවරුන් සඳහාම වෙන් වූ සේවා ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කර තිබියදීත් එය ක්‍රියාත්මක නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් මෙම වර්ජනය අද පෙරවරු 6ට ආරම්භ කර තිබුණි.

එහි සභාපති වෛද්‍ය උපුල් රංජිත් කුමාර මහතා සඳහන් කළේ, මේ හේතුවෙන් රජයේ සියලුම පශු වෛද්‍ය කාර්යාලවල කටයුතු අඩපණ වනු ඇති බවය.

Continue Reading

පුවත්

හෙට සිට කාලගුණයේ වෙනසක්

Published

on

By

හෙට (10) සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට හමන තද සුළං බලාපොරොත්තු වේ.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

උතුරු සහ ඌව පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved