පුවත්

තවත් ගල් අඟුරු නැවක් මෙරටට

Published

on

තවත් ගල්අඟුරු නෞකාවක් මෙරටට පැමිණ ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෲ නවමුනි මහතා පවසයි.

ගල්අඟුරු මෙට්‍රික් ටොන් 60,000ක් මෙලෙස දකුණු අප්‍රිකාවේ සිට මෙරටට රැගෙන විත් තිබේ.

එම නෞකාවේ ගල්අඟුරු ගොඩබෑම ඊයේ දිනයේ දී (10) ආරම්භ කළ බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරන්නේ මේ වනවිට ගල්අඟුරු නෞකා 03ක් මෙරටට පැමිණ ඇති බවයි.

Trending

Exit mobile version