පුවත්

තවත් පිරිසක් වර්ජනය අත්හරී

Published

on

විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලයේ විධායක නිළධාරීන්ගේ සංගමය සිය අඛණ්ඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබේ.

සිය ඉල්ලීම් සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඇති වූ එකඟතාවයක් අනුව විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය මෙම තීරණයට එළඹී ඇති බවයි වාර්තා වේ.

පවතින තත්ත්වය තුල මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය තවදුරටත් පවත්වාගෙන යා නොහැකි තත්වයක පවතින බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවා ඉදිරි නිශ්චිත කාලරාමුවක් තුල සිය ඉල්ලීම සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ග අනුව ඉදිරි වෘත්තීය ක්‍රියා මාර්ග සැලසුම් කිරීමට තීරණය කර ඇති බවත් විශ්ව විද්‍යාල වෘත්තීය සමිති සන්ධානය වෙත යොමු කරන ලද ලිපියක් මඟින් ඔවුන් දැනුම් දී ඇත.

Trending

Exit mobile version