වහාම ක්‍රියාත්මක වනපරිදි රාජ්‍ය අමාත්‍යවරුන් 05 දෙනෙකු ඔවුන් දැරූ ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගෙන තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගීතා කුමාරසිංහ, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අමිත් තේනුක විදානගමගේ, ප්‍රසන්න රණවීර හා ඩී.වී. චානක යන රාජ්‍ය අමාත්‍යවරුන් පස්දෙනා මෙලෙස ධුරවලින් ඉවත් කර ඇති බවය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (3) (අ) වගන්තිය ප්‍රකාරව එම ඉවත් කිරීම් සිදු කර ඇත.
සැප්තැම්බර් 05 වැනිදා ද රාජ්‍ය අමාත්‍යවරුන් සිවුදෙනෙකු ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබුණි.
සබැඳි පුවත් :
රාජ්‍ය අමාත්‍යවරුන් 4ක් දොට්ට