පුවත්

තවත් වෙඩි තැබීමක් !

Published

on

හෝමාගම, නියඳගල ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඔහු නිවසේ සිටියදී නාඳුනන පිරිසක් විසින් ඊයේ (20) රාත්‍රී වෙඩි තබා පළා ගොස් ඇති බවයි.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

එලෙස ඝාතනය ලක්ව ඇත්තේ, හෝමගම, නියඳගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකි.

පළා ගිය සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මක වේ.

මේ අතර වසරේ ගත වූ මාස 06 තුළ මනුෂ්‍ය ඝාතන 255 ක් සිදුව ඇතැයි පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසුවේ, අපරාධ මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

Trending

Exit mobile version