Connect with us

පුවත්

තහනම් සංවිධාන සමරන්න ඉඩ දෙන්නෙ නැහැ

Published

on

තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීම සඳහා කිසිඳු ඉඩක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (26) පැවසුවේය.

උතුරේ සිදුකළ බව පැවසෙන සැමරුම් පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ ,

“ත්‍රස්තවාදී සංවිධාන, තහනම් සංවිධානවලට මුදල් එකතු කිරීම, ප්‍රචාරණය කිරීම, සංවිධානය කිරීම, ඊට අදාළ ලාංඡන, කොටි, බැනර්, සංකේත ප්‍රදර්ශනය කිරීම රජය විසින් ගැසට් පත්‍රයක් නිකුත් කරලා තියෙනවා. ඒ අනුව තමයි අපි කටයුතු කරන්නේ.ඒ නිසා කිසිම ආකාරයකින් ත්‍රස්තවාදී සංවිධාන, තහනම් සංවිධානවල සැමරුම් සිදුකරන්න අයිතියක් නැහැ.හැබැයි යම් තැනක තමන්ගේ මියගිය ඥාතීන් සමරනවා නම් පෞද්ගලිකව.. ඒකට බාධා කරන්න රජයට අයිතියක් නැහැ. අපි බොහොම පැහැදිලිව කියලා තියෙනවා… ඥාතීන් සමරන්න ඒ අයට තිබෙන අයිතියට අපි ගරු කරන අතරේ වෙනත් ආකාරයක නීතිවිරෝධී කටයුතු සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.තහනම් කරන ලද සැමරුම් පැවැත්වුණා නම් පොලීසිය පියවර ගනී. එවැනි කටයුතු සඳහා කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. විටින් විට උතුරේ සමහර දේශපාලනඥයින් සහ ඇතැම් පුද්ගලයන් අනීතික ආකාරයට මැදිහත්වෙමින් තිබුණා ළ්ඨ්ඨ්E සාමාජිකයන් සහ ඒ කිය නායකයන් සමරන්න. අපි ඒකට ඉඩක් ලබාදෙන්නේ නැහැ. පොලීසිය ඒ ගැන අනිවාර්යයෙන් කටයුතු කරයි.”

මේ අතර යුද්ධයෙන් මියගිය එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් හා දෙමළ ජනතාව සිහිපත් කිරීම සඳහා උතුරු ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ඊයේ (25) උත්සව පැවැත්වුණි.

ඒ, යාපනය විශ්වවිද්‍යාල භූමියේ, වවුනියාව කල්මඩු ප්‍රදේශයේ සහ මුලතිව් මුල්ලියාවේල ප්‍රදේශවලය.

යාපනය කෝපායි මහවිරු සොහොනේ සහ මුලතිව් වන්නිවිලාන්කුලම මහවිරු සොහොන ආශ්‍රිතව ඔවුන් පහන් දල්වා සිය ඥාතීන් සිහිපත් කර තිබුණි.

සෑම වසරකම නොවැම්බර් 21 සහ 27 අතර කාලය මහවිරු සතිය ලෙසින් හඳුන්වා එහිදී යුද්ධයෙන් මියගිය පිරිස් සිහිකරනු ලබයි.

පුවත්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් “ටියුනප් දන්සැලක්”

Published

on

By

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ‘ටියුනප් දන්සැලක්’ සංවිධානය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අද සහ හෙට (මැයි මස 15 හා 16)  යන දෙදින තුළ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ඉදිරිපිට දී මෙම විශේෂ දන්සැල පැවැත්වෙන බවය.

පවතින වායු විමෝචන ප්‍රමිතීන් අනුව ඇතැම් වාහන (පැරණි යතුරුපැදි, ත්‍රීරෝද රථ) සමත් වීම සිදු නොවන බව ජනතාව තුළ මතයක් පවතින බවද එම නිවේදනයේ දැක්වේ.

එම දුර්මතය ඉවත් කිරීම සඳහා නිවැරදි ශිල්පීය ක්‍රමය තුළින් වාහන නිවැරදි කරගත හැක යන සංකල්පය ප්‍රචලිත කිරීමට වායු විමෝචන භාරකාර අරමුදලේ ව්‍යාපෘති කාර්යාලය විසින් තෙවන වරටත් සංවිධානය කරනු ලබන ටියුනප් දන්සැල නොමිලේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ සුසර කර දීමේ වැඩසටහන පැවැත්වෙනු ඇත.

Continue Reading

පුවත්

පොදු ප්‍රවාහන බස්රථ ආනයනයේ දී කොන්දේසි මාලාවක්

Published

on

By

එළඹෙන වසරේ ජනවාරි මාසයේ සිට පොදු ප්‍රවාහන බස් රථ ආනයනය කිරීම සඳහා කොන්දේසි මාලාවක් හඳුන්වාදීමට කටයුතු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ආරක්ෂිත මෙන්ම නවීන තත්ත්වයට ගැලපෙන බස්රථ පමණක් ආනයනය කිරීම සඳහා අවසර ලබා දීමට කටයුතු කරන බවය.

එමෙන්ම පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා වාහන නියමිත ප්‍රමිතීන් යටතේ ධාවනයේ පවතින්නේ ද යන්න පිළිබඳව ඉදිරියේ දී සොයාබැලීම සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවේය.

Continue Reading

පුවත්

රට හැමතැනම අදත් වැසි

Published

on

By

අද (15) දවසේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය  හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ සහ දකුණු පළාත්වල විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved