Connect with us

පුවත්

“ත්‍රස්ත විරෝධී” පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 6ක්

Published

on

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “ත්‍රස්ත විරෝධී” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 06ක පිටපත් තමා වෙත ලැබී ඇති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (23) පාර්ලිමේන්තුවට දන්වා තිබේ.

තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, “ක්ෂුද්‍රමූල්‍ය සහ ණය නියාමන අධිකාරිය” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම් 02ක පිටපත්ද තමා වෙත ලැබී ඇති බව කථානායකවරයා දැනුම් දුන්නේය.

මේ අතර, වේලු කුමාර් මහතා සහ තවත් මන්ත්‍රීවරයන් 21 දෙනෙකු විසින් කරන ලද ලිඛිත ඉල්ලීම මත “ශ්‍රී ලංකාවේ කඳුකර වතු ප්‍රජාවේ අභිවර්ධනය සඳහා වන පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය” (Caucus for the Evolution of Malaiyaga Plantation Community in Sri Lanka) ස්ථාපිත කිරීම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව විසින් එකී කාරක සභාවේ පසුගිය 12දා පැවති රැස්වීමේ දී අනුමත කර ඇති බවද කථානායකවරයා සභාවට දැනුම් දුන්නේය.

පුවත්

මන්ත්‍රීන්ට පමණක් නොව මන්ත්‍රී රියදුරන්ටත් බංගලාවක්

Published

on

By

පාර්ලිමේන්තු රැස්වීම් දිනවලදී මන්ත්‍රීවරුන්ගේ රියදුරන් සඳහා දිවාකාලයේ තාවකාලිකව රැදී සිටීමට ස්ථානයක් සූදානම් කර දීමේ අවශ්‍යතාවය පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේදී  සාකච්ඡා කෙරිණ.

ඒ අනුව ඉදිරියේදී ඒ සඳහා සුදුසු ස්ථානයක් වෙන් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මූලාශ්‍රය – ලංකාදීප

Continue Reading

පුවත්

බදුල්ල- දුන්හිද බස් අනතුර ගැන අනාවරණයක්..

Published

on

By

බදුල්ල , මහියංගනය ප්‍රධාන මාර්ගයේ දුන්හිද ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථය ධාවනය කර ඇත්තේ එම රථයේ රියැදුරු නොව වෙනත් අයෙකු බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පොලිසිය පැවසුවේ, මුතියංගණ විහාරස්ථානය අසළ නවතා තිබූ බස් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට රියැදුරු නොමැති අවස්ථාවේ නඩයේ සිටි එම පුද්ගලයා ඉදිරිපත්වී ඇති බවයි.

ඉන් පසුව එම ස්ථානයට පැමිණි බස්රථයේ රියැදුරා පවසා ඇත්තේ, ඔහුටම බස්රථය පදවාගෙන යන ලෙසය.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය ධාවනය කළ පුද්ගලයා නිසි රියදුරු බලපත්‍රයක් සහිත අයෙකු බවට හඳුනාගෙන ඇතැයි, පොලිසිය පැවසුවේ ය.

බදුල්ල දුන්හිද ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ සිදුවූ එම අනතුරින් පාසල් දැරියක් ඇතුළු තුන්දෙනෙකු මිය ගියේ ය.

මියගිය දැරිය 14 හැවිරිදි වියේ පසුවෙයි.

අනතුරින් 45 හැවිරිදි කාන්තාවක් සහ 65 හැවිරිදි පුද්ගලයෙකු ද මිය ගියේ ය.

තුවාල ලැබූ සංඛ්‍යාව 31 කි.

අනුරාධපුර , තඹුත්තේගම සිට කුඹල්වෙල වන්දනා ගමනකට පැමිණ සිටි පිරිසක් රැගත් බස් රථයක් එලෙස අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පැවසුවේ ය.

පසුගිය වසරේ කොතලාවල ආරක්ෂක විද්‍යාපීඨයේ  සිසුන් පිරිසකට දිවි අහිමි කරමින් බස් රථයක් අනතුරට ලක්වූයේද මෙම ස්ථානයේදී ය.

(ඡායාරූපය : Accident1st)

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශිරන්තිගේ බැංකු ගිණුම ගැන යළි පරීක්ෂණයක්

Published

on

By

හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ බිරිය වන ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය විසින් සිරි­ලිය සවිය නමින් පව­ත්වා­ගෙන ගිය ව්‍යාජ ගිණුම සම්බ­න්ධ­යෙන් යළි විම­ර්ශන කට­යුතු ආරම්භ කරන බව මහ­ජන ආර­ක්ෂක නියෝජ්‍ය ඇමැති නීතිඥ සුනිල් වට­ගල මහතා පාර්ලි­මේ­න්තු­වේදී ප්‍රකාශ කළේය.

මෙලෙස පවත්වා ගෙන ගිය සිරි­ලිය සංවි­ධා­න­යට අයත් බැංකු ගිණු­ම්වල මැන්ඩේට් පත්‍රය කුම­න්ත්‍ර­ණ­කාරී ලෙස බැංකු­වෙන් සොර­කම් කර ඇති බව ද ඒ මහතා පැව­සු­වේය.

එහි දී ඒ මහතා මෙසේද කීවේය.

ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මිය විසින් සිරි­ලිය සවිය නමින් ව්‍යාජ ගිණු­මක් පව­ත්වා­ගෙන ගොස් තිබෙන අතර එය ව්‍යාජ ගිණු­මක් බවට සනාථ වී තිබෙ­නවා. එම ගිණුමේ මැන්ඩේට් පත්‍රය අස්ථාන ගතවී තිබෙ­නවා.

කොළඹ 10, ඩාර්ලි පාර මහ­ජන බැංකුව, සුදු­වැල්ල ශාඛාවේ සිරි­ලිය සවිය නමින් ව්‍යාජ තොර­තුරු ඉදි­රි­පත් කර­මින් නීත්‍ය­නු­කූ­ලව ඉදි­රි­පත් කළ­යුතු ලේඛන ඉදි­රි­පත් නොකර 2006.11.14 අංක 143/1/001/4/6235069 නමැති ගිණුම ආරම්භ කර තිබෙ­නවා. දැනට මෙම ගිණුම අත්හි­ටුවා ඇති අතර මේ වන­විට ගිණුමේ ශේෂය රුපි­යල් මිලි­යන 43ක් වෙනවා. මෙම ගිණුමේ සභා­පති ශිරන්ති රාජ­පක්ෂ මහ­ත්මි­යයි. ලේකම් කළ්‍යාණි දිසා­නා­යක, භාන්ඩා­ගා­රික නිරෝෂා ජීවනී අය අයයි. අවස්ථා 88ක දී රුපි­යල් අට කෝටි විසි­නව ලක්ෂ අසූ අටක් තැන්පත් කර තිබෙ­නවා.

ඊට අම­ත­රව අවස්ථා 129කදී රුපි­යල් තුන් කෝටි අනූ ලක්ෂ පහ­ලොස් දහස් හය­සිය පනස් හයක මුද­ලක් ලබා­ගෙන තිබෙ­නවා. ලක්ෂ 100ක ස්ථාවර තැන්ප­තු­වක් ද මෙම බැංකුවේ සිරි­ලිය නමින් ආරම්භ කර තිබෙන අතර මූල්‍ය අප­රාධ කොට්ඨා­සය මඟින් මේ ගිණුම සම්බ­න්ධ­යෙන් විම­ර්ශන ආරම්භ කර තිබෙ­නවා. යළි මේ විම­ර්ශන කට­යුතු ආරම්භ කර­නවා” යැයි පැවැ­සීය.

එමෙන්ම සී.එස්.එන් නාලි­කාව මහා භාණ්ඩා­ගා­ර­යෙන් අත්කර ගත් මුදල රුපි­යල් මිලි­යන 152ක් වෙනවා. ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් තම මෑණි­යන්ගේ සහ පියාගේ සුසාන භූමි ඉදි­කි­රීම සඳහා නාග­රික සංව­ර්ධන අධි­කා­රි­යෙන් අත්කර ගත් මුදල රුපි­යල් මිලි­යන 35ක් වෙනවා. මල්වානේ නිවෙ­සක් මිල දී ගැනීම වෙනු­වෙන් බැසිල් රාජ­පක්ෂ මහතා මිලි­යන 208ක් ලබා­ගෙන තිබෙ­නවා. යැයිද කිවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved