පුවත්

ත්‍රිකුණාමල දිසා විනිසුරුගේ සේවය අත්හිටුවයි

Published

on

ත්‍රිකුණාමලයේ දිසා විනිසුරු එම්. ගනේෂ් රාජා මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධිකරණ කොමිසම කටයුතු කර තිබේ.

විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව කොමිසමට කැඳවූ දිසා විනිසුරුවරයාගෙන් ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමෙන් අනතුරව මෙසේ සේවය අත්හිටුවා තිබෙන බවයි පැවසේ.

ඒ අනුව සේවය අත්හිටුවීමේ ලිපිය ඊයේ(12 )ෆැක්ස් මඟින් අධිකරණ කොමිසමේ ලේකම්ගේ අත්සනින් යුතුව ත්‍රිකුණාමල දිසා විනිසුරුවරයා වෙත ඒවා තිබු බවට වාර්තා වේ.

මේ අතර දිසා විනිසුරු ධූරයේ වැඩ බැලීම සඳහා ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් ඊ.ෆයාස් රසාක් මහතා තාවකාලිකව ඊයේ සිට පත් කිරීමට අධිකරණ සේවා කොමිසම කටයුතු කර තිබේ.

Trending

Exit mobile version