Connect with us

පුවත්

ත්‍රිත්ව ඝාතනයක සැකකරුවෙක් අත්අඩංගුවට

Published

on

අම්බලන්තොට – ඇලේගොඩ බටහිර ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි මස 02 වනදා සිදුකළ ත්‍රිත්ව මනුෂ්‍ය ඝාතනයකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

දෙපාර්ශවයක් අතර ඇතිවූ ආරවුලකදී පුද්ගලයින් තිදෙනෙකුට තියුණු ආයුධවලින් පහරදීම හේතුවෙන් බරපතල තුවාල ලබා අම්බලන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් තිදෙනාම මිය ගොස් තිබේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය සිදුකළ විමර්ශන වලදී සැකකරුවෙකු ඊයේ (02) සවස බියගම පොලිස් වසමේදී අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 42 ක් වන මාමාඩල, අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අම්බලන්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවය.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් නිවේදනය කරයි.

Continue Reading

පුවත්

මැතිසබේ පුරප්පාඩු වූ හර්ෂණ ගේ පුටුවට නිශාන්ත

Published

on

By

හර්ෂණ සූරියප්පෙරුම මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුවට නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.

ජාතික ජන බලවේගයේ ලේකම්වරයා විසින් මෙම නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර ඇති අතර ඒ අනුව පුරප්පාඩු වූ එම මන්ත්‍රී ධුරය සඳහා නිශාන්ත ජයවීර මහතාගේ නම ගැසට් කිරීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.

සිය ඉල්ලා අස්වීමෙන් පසුව සූරියප්පෙරුම මහතා, මුදල් අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස පසුගියදා දිවුරුම් දුන්නේය.

සබැඳි පුවත් :

Continue Reading

පුවත්

අල්ලස් ගත් දේශීය ආදායම් ලොක්කෙක් අත්අඩංගුවට

Published

on

By

දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක්  රුපියල් පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගත් බව කියමින් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අද (7) සවස සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය

මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නගර සාකාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙකි.

පිළියන්දල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැටලීමක් සිදු කර මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බව කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.

පැමිණිල්ලිකාර ව්‍යාපාරිකයා විසින් ඔහුට අයත් ව්‍යාපාරික ස්ථානයට  මෙම වසර සඳහා නිෂ්කාශන වාර්තාවක් ලබා ගැනීම සඳහා අවස්ථාවේ සැකකාර නියෝජ්‍ය කොමසාරිස්වරයා  වර්ෂයන් සඳහා රුපියල් ලක්ෂ 11ක බදු මුදලක් ගෙවීමට තිබෙන බව  ව්‍යාපාරිකයාට දැනුම් දී තිබෙන බව කොමිෂන් සභාව පවසයි

එම හිග බදු මුදල අඩුකර මෙම වසර සඳහා නිස්කාසන වාර්තාව ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා පසුව එම මුදල රුපියල් පනස් දහස දක්වා අඩුකර ඇතැයි කොමිසමේ එම උසස් නිලධාරියා වැඩිදුරටත් කීය

එම අල්ලස් මුදලින් රුපියල්  42,000ක් පසුගිය තුන්වෙනිදා මෙම නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් ලබාගෙන ඉතුරු මුදල වූ රුපියල් අටදහසක මුදල ව්‍යාපාරිකයාගෙන් ලබා ගත් බව කියනඅවස්ථාවේ වැටලීමක් සිදුකර නියෝජ්‍ය කොමසාරිස්වරයා සැකපිට අත්අඩංගුවට ගත් බවද කොමිසම සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාර දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීහු තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යති.

(ලංකාදීප)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved