පුවත්

ත්‍රි’මලේ තෙල් ටැංකි ටිකක් ඉඩමත් එක්කම වසර 50කට ඉන්දියාවට

Published

on

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණයේ තෙල් ටැංකි 75ක් ලංකා ඉන්දියානු තෙල් සමාගමට පරිහරණය කළ හැකි වන පරිදි වසර 50ක කාලයකට බදු දීමට ඒවා පිහිටා ඇති බිම් කොටස් හා ඒවා අනුබද්ධිත අනු කොටස් නිදහස් කර ගැනීමට කැබිනට් අනුමැතියට ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

මේ අතර, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා ලබන 19 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මෙහි ගිවිසුම් අත්සන් කිරීමට බවට මේවනවිට කසුකුසුවක්ද ඇතිව තිබේ.

තෙල් ටැංකි බදුදීමට අදාළ කැබිනට් පත්‍රිකාව ඉකුත් දෙසැම්බර් මාසයේ 23 වැනිදා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් අමාත්‍ය මණ්ඩල අනුමැතියට ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව එම ටැංකිවලින් වැඩි ප්‍රමාණයක් බදු දී ඇත්තේ ඉකුත් වසරේ ජනවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ පිහිටුවන ලද ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් (ප්‍රයිවට්) ලිමිටඩ් නැමැති සමාගම සඳහාය.

එසේ වසර 50කට එම සමාගමට දී ඇති තෙල් ටැංකි ප්‍රමාණය 61 කි.

මීට අමතරව ලංකා ඉන්දියා තෙල් සමාගම වෙත සෘජුවම තවත් තෙල් ටැංකි 14ක් වසර 50කට බදු දීමට නියමිතය.

ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් (ප්‍රයිවට්) ලිමිටඩ් නැමැති ආයතනය ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා ඉන්දියා තෙල් සමාගම සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු හා ශ්‍රී ලංකා හවුල් කාරිත්වය යටතේ පිහිටුවන ලද සිවුපාර්ශවීය සමාගමකි.

කෙසේවුවද, අවසානයේ ශ්‍රී ලංකා කනිජ තෙල් සංස්ථාවට ඉතිරිව ඇත්තේ තෙල් ටැංකි 24ක් පමණි. 

එම කැබිනට් පත්‍රිකාවට අනුව තෙල් නල පද්ධතිය පිහිටි බිම් කැබලි 2ක්, සේවක නිවාස 14ක් ද වසර 50කට බදුදීමට නියමිතය.

Trending

Exit mobile version