අද (01) උදෑසන ත්රිරෝද රථයක්, බෙලිඅත්ත – අනුරාධපුර දක්වා ධාවනය වූ රජරට රැජිනි දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ත්රීරෝද රථයේ රියදුරු හා එහි ගමන් ගත් රුසියානු ජාතික කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් බව ඇති බව වාර්තා වෙයි.
උණවටුන ප්රදේශයේ මහරඹ දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ මෙම ගැටීමෙන් අනතුරුව ත්රීරෝද රථය ගිනිගෙන ඇත.
මේ අතර, දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ දුම්රිය ධාවන කාලයන් හි සුළු ප්රමාදවීම් ඇති විය හැකි බවයි.