පුවත්

ත්‍රීවීල් මොඩිෆයි කරන්න අවසර දෙයි

Published

on

ත්‍රීරෝද රථවල අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය සඳහා අවසර දෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.

මෙම අමතර උපාංග සවිකිරීම සහ අලංකරණය, කාණ්ඩ 30 ක් යටතේ ක්‍රියාත්මක බවත් එම විවිධ උපාංග සහ අලංකරණයන් සඳහා ගාස්තු අය කරන බවත් ඒ මහතා ප්‍රකාශ කලේය.

මේ පිළිබඳව වැඩි විස්තර www.dmt.gov.lk වෙබ් අඩවියෙන් හෝ ත්‍රීරෝද රථ පැවරුම් ශාඛාවේ 0113484520 දුරකථනයෙන් ලබාගත හැකි බව වීරසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කර ඇත.

එමෙන්ම මේ සඳහා අනුමැතිය මේ මස 10 වැනිදා සිට බලාත්මක වනු ඇති අතර අදාල ගාස්තු පහතින් දැක්වේ.

Trending

Exit mobile version