පුවත්

තාත්තා හා අමනාපයට දුවට මන්නයකින් කොටලා!

Published

on

ඇරවුවල, පැලැන්වත්ත සමගි මාවත ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙක් විසින් ඊයේ (27) තරුණියකට මන්නයකින් පහර දී තිබුණි.

වයස අවුරුදු 19ක තරුණියක් මෙලෙස පහරකෑමට ලක්ව ඇති අතර ඇය රැකියාවට ගොස් නැවත නිවස වෙත පැමිණෙමින් සිටියදී මෙම පහරදීම සිදුකර තිබුණි.

සැකකරු, තරුණියට පහරදෙන ආකාරය ඒ ආසන්නයේ තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණු අතර එම පුද්ගලයාගෙන් බේරී එම තරුණිය දිවයන අයුරු ද එම දර්ශනවල දක්නට ලැබේ.

ප්‍රහාරය එල්ල කල තැනැත්තා වයස අවුරුදු 40ක පුද්ගලයෙකු වන අතර ඔහු අධික ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඇති පුද්ගලයකු බව ප්‍රදේශවාසීන් පැවසීය.

ප්‍රහාරයෙන් තරුණියගේ හිසට තුවාල සිදුව ඇති අතර ඇය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබේ.

තුවාල ලැබු තරුණියගේ පියා සමග ඇති කරගත් ආරවුලක් හේතුවෙන් ඇයට මෙලෙස පහරදී ඇතැයි අනාවරණය වී තිබේ.

සැකකාර පුද්ගලයා දුරකථන සංඥා කුළුණකට නැගී සිටියදී ඊයේ (27) පස්වරුවේ පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Trending

Exit mobile version