Connect with us

පුවත්

තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පිරිසක් අද ජනපති හමුවෙයි

Published

on

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (10) තානාපතිවරුන් දෙදෙනෙකු, මහ කොමසාරිස්වරුන් තිදෙනෙකු ඇතුළු රටවල් හයක නියෝජිතයින් සමඟ ඉහළ පෙළේ සාකච්ඡාවල නිරත වීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ එම රටවල් අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සහ ගෝලීය හවුල්කාරිත්වයන් වැඩිදියුණු කිරීමේ වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවලට එක් වනු ඇති

සෞදි අරාබිය, පකිස්ථානය, බංග්ලාදේශය, තුර්කිය, පලස්තීනය සහ එක්සත් ජනපදය යන රටවල තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් සහ නියෝජිතයින් විසින් විවිධ ක්ෂේත්‍රයන් තුළ ශ්‍රී ලංකාව සහ සිය රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පැවැත්වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser AldasamAlkahtani) , තුර්කි ජනරජයේ තානාපති සෙමි ලූට්ෆූ ටර්ගට් (SemihLütfüTurgut), පාකිස්ථාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මේජර් ජෙනරල් ෆහීම් උල් අසීස් (Major General (Retd) FaheemUl Aziz HI (M)), ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහ කොමසාරිස් අන්දලිබ් එලියස් (Andalib Elias)  සහ දැනට ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින එක්සත් ජනපද පැසිෆික් නාවික බලඇණියේ අණදෙන නිලධාරී අද්මිරාල් ස්ටීව් කොහ්ලර් (Admiral Steve Koehler, a 4-star U.S. Navy Admiral and Commander of the U.S. Pacific Fleet) මහතා ද  අද දින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට නියමිතය.

ශ්‍රී ලංකාව සිය ජාත්‍යන්තර සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට සහ අන්‍යෝන්‍යසහයෝගීතාව මඟින් සංවර්ධනය සහ සෞභාග්‍යය ළඟා කර ගැනීම කෙරෙහි වන කැපවීම මෙම සාකච්ඡාවලින් පිළිඹිබු කෙරේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved