Connect with us

පුවත්

තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් ජනාධිපතිවරයා වෙත අක්තපත්‍ර භාර දෙති

Published

on

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු නව දෙනෙක් සහ මහ කොමසාරිස්වරයෙක් අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාර දුන්හ.

බුර්කිනා ෆාසො (Burkina Faso), බොස්නියාව සහ හර්සෙගොවිනා (Bosnia and Herzegovina) , අසර්බයිජාන ජනරජය (The Republic of Azerbaijan), ජෝර්ජියාව (Georgia), බෙලාරූස් ජනරජය (The Republic of Belarus), ආමේනියා ජනරජය(The Republic of Armenia), ස්පාඤ්ඤ රාජධානිය (The Kingdom of Spain), කොංගෝ ජනරජය (The Republic of Congo), සහ ගිනියා ජනරජය (The Republic of Guinea) සඳහා නව තානාපතිවරුන් ද කෙන්යා ජනරජය සඳහා නව මහ කොමසාරිස්වරයෙකුද මෙලෙස පත්ව සිටී.

අද දින අක්තපත්‍ර භාර දුන් නව මහකොමසාරිස්වරයාගේ සහ තානාපතිවරුන්ගේ නාම ලේඛනය පහත දැක්වේ

01. Dr. Desire Boniface Some 
ආචාර්ය ඩෙසිරේ බොනිෆස් සම් – නවදිල්ලියේ පිහිටි බුර්කිනා ෆාසො තානාපති 
02. Mr. Haris Hrle 
හැරිස් හර්ලේ මහතා   – නවදිල්ලියේ පිහිටි බොස්නියාව සහ හර්සගොවිනා තානාපති
03. Mr. Elchin Huseynli
එල්චින් හුසෙයින්ලි මහතා – නවදිල්ලියේ පිහිටි අසර්බයිජාන ජනරජයේ තානාපති
04. Mr. Vakhtang Jaoshvili
වක්ටන්ග් ජෝෂ්විලි මහතා – නවදිල්ලියේ පිහිටි ජොර්ජියාවේ තානාපති 
05. Mr. Mikhal Kasko
මිහයිල් කස්කො මහතා – නවදිල්ලියේ පිහිටි බෙලරූස් ජනරජයේ තානාපති 
06. Mr. Vahagn Afyan
වාහන් ආෆ්යාන් මහතා   – නවදිල්ලියේ පිහිටි ආමේනියා ජනරජයේ තානාපති 
07. Mr. Juan Antonio March Pujol
යුවාන් ඇන්ටෝනියෝ මාර්ච් පුහොල් මහතා – නවදිල්ලියේ පිහිටි ස්පාඤ්ඤ රාජධානියේ තානාපති
08. Mr. Raymond Serge Bale
රේමන්ඩ් සර්ගේ බලේ මහතා – නවදිල්ලියේ පිහිටි කොංගෝ ජනරජයේ තානාපති
09. Mr. Munyiri Peter Maina
මුනියිරි පීටර් මයිනා මහතා – නවදිල්ලියේ පිහිටි කෙන්යා ජනරජයේ මහ කොමසාරිස්
10. Mr. Alassane Conte 
ඇලසාන් කොන්ටෙ මහතා – නවදිල්ලියේ පිහිටි ගිනියා ජනරජයේ තානාපති

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved