පුවත්

තායි අගමැති දිවයිනට (ඡායා)

Published

on

තායිලන්ත අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවීසින්, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය ෆුම්තම් වෙචයචායි යන මහත්වරු ඇතුළු ඉහළ පෙළේ දූත පිරිස අද (03) පස්වරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට ළඟා විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් තායිලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ දූත පිරිස එහිදී පිළිගනු ලැබීය.

මෙම සංචාරය අතරතුරදී, තායි අග්‍රාමාත්‍යවරයා 76 වැනි නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වේ.

ඊට අමතරව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම නිරීක්ෂණය කිරීමටද නියමිතය. 

සබැඳි පුවත්:

තායි අගමැති මෙරට සංචාරයක

Trending

Exit mobile version