Connect with us

පුවත්

තායි අගමැති මෙරට සංචාරයක

Published

on

තායිලන්ත රාජධානියේ අග්‍රාමාත්‍ය සේට්ඨා තවිසින් මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමෙන් 2024 පෙබරවාරි 03-04 යන දිනවල ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක නිරත වෙයි.  තායි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ 76 වැනි නිදහස් සමරු උළෙලෙහි ගෞරවනීය ආරාධිතයා වශයෙන් සහභාගී වනු ඇත.

මෙම සංචාරය අතරතුරදී, තායි අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීම නිරීක්ෂණය කිරීමටද නියමිතය. 

තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ වාණිජ අමාත්‍ය ඵූම්තාම් වෙචයචායි සහ  ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් තැබෙයි. දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කොට ශ්‍රී ලංකාව ආසියාන් රටවල ආර්ථික සමඟ තවත් දැඩි ලෙස සමෝධානය වීම ශ්‍රී ලංකා-තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් අපේක්ෂිතය. මීට අමතරව, දෙරට අතර පවතින ගුවන් සේවා ගිවිසුම අලුත් කිරීමට දෙපාර්ශ්වය අපේක්ෂා කරන අතර ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය සහ තායිලන්ත මැණික් හා ස්වර්ණාභරණ ආයතනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටද නියමිතය.
තායිලන්තයේ වාණිජ අමාත්‍යාංශය යටතේ ඇති ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව සහ වෙළෙඳ ප්‍රමන්ත්‍රණ දෙපාර්තමේන්තුවත් ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව සහ ලංකා වාණිජ මණ්ඩලයත් එක්ව සංවිධානය කරන ශ්‍රී ලංකා- තායිලන්ත ව්‍යාපාරික සංසදයක් මෙම සංචාරය අතරතුරදී කොළඹ කිංස්බරි හෝටලයේදී පැවැත්වේ.

මෙම සංචාරයේදී, තායි අග්‍රාමාත්‍යවරයා සමඟ තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා වාණිජ අමාත්‍ය ඵූම්තාම් වෙචයචායි, නියෝජ්‍ය විදේශ අමාත්‍ය ජක්කපොං සංග්මනී යන මහත්වරුන්ද, ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිතයන්ද ඇතුළු 39 දෙනකුගෙන් යුත් නියෝජිත පිරිසක් පැමිණෙනු ඇත.

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved