Connect with us

පුවත්

තාරක බාලසූරිය ට අලුත් තනතුරක්

Published

on

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මහතා ඒකමතිකව තේරී පත් විය.

ඒ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (01) පාර්ලිමේන්තුවේදී  පැවති අවස්ථවේදීය.

රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා විසින් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ නම යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා විසින් එම යෝජනාව ස්ථිර කරන ලදී.

පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේදී ද මෙම කාරක සභාවේ සභාපතිත්වය රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා විසින් දරනු ලැබීය. ආර්ථීක ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ විෂය පථය,  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විෂය පථය හා සමාන වන බව පෙන්වා දුන් සභාපතිවරයා එම විෂය පථයන් වෙනස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. තවද ආර්ථිකය පිළිබඳ සියලු අංශ ආවරණය වන පරිදි කාරක සභාවේ විෂය පථය පුළුල් කළ යුතු බවද යෝජනා කළේය.

කෙසේ වෙතත් එම විෂය පථයන් වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බැවින් කාරක සභා සාමාජිකයින්ට සහ අදාළ පාර්ශ්ව වලට එහි  සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කළ හැකි බව කාරක සභා සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදිරි දිනක මේ සම්බන්ධයෙන්  විශේෂ රැස්වීමක් පැවැත්වීමට කාරක සභාව තීරණය කාරක ලදී.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම් චන්ද්‍රසේන, මනෝ ගනේෂන්, සී.බී රත්නායක, සිවඥානම් ශ්‍රීතරන්, හෙක්ටර් අප්පුහාමි, ආචාර්ය නාලක ගොඩඩහේවා, අකිල එල්ලාවල යන මහත්වරුන් සහභාගී වුහ.

පුවත්

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට වැඩබලන අතිරේක ලේකම්වරයෙක්

Published

on

By

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වැඩබැලීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් පත් කර තිබේ.

එලෙස පත් කර ඇත්තේ, දැනට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ බන්ධනාගාර කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර නිශාන් ධනසිංහ මහතාය.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිත කරමින් සිරකරුවෙකුට නිදහස ලබාදුන් බවට වන චෝදනාවට අදාළව විමර්ශන අපක්ෂපාතිව සිදුකිරීමේ අරමුණින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අනිවාර්ය නිවාඩු යැවීමට කැබිනට් මණ්ඩලය තීරණය කළේය. 

සබැඳි පුවත්:

Continue Reading

පුවත්

අනුරාධපුර බන්ධනාගාර අධිකාරී රක්ෂිත බන්ධනාගාරයට (UPDATE)

Published

on

By

අත්අඩංගුවට ගත් අනුරාධපුර බන්ධනාගාර අධිකාරි මොහාන් කරුණාරත්න මහතා මේ මස 11 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ඔහුව අද (09) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

වංචා දූෂණ රැසකට සම්බන්ධ වරදකරුවෙකුව සිටි රැඳවියෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කළ බව කියන චෝදනාව යටතේ මෙහාන් කරුණාරත්න මහතා පොලිස් බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.


(පෙර පුවත 2025 ජුනි 09, ප.ව.4:08)

බන්ධනාගාර  කොමසාරිස් ජනරාල්ගේ වැඩ තහනම්

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණියගේ වැඩ තහනම් කිරීමට අද (09) රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ඒ, මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීමේ සිදුවීමට අදාළවය.

අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරු කර සිර දඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු වූ පුද්ගලයෙකු ජනාධිපති පොදු සමාව යටතේ මුදා හැරීම සම්න්ධයෙන් මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් මතු වී තිබේ.

රුපියල් ලක්ෂ හතලිහක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවට අදාළව අනුරාධපුර මහාධිකරණය විසින් සිර දඬුවම් නියම කර සිටි මෙම විත්තිකරුට  එරෙහිව පැවති නඩුවෙන් නිදහස් කර මුදා හරින ලෙස උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් නියෝග කර තිබුණේ, පසුගිය ජූනි 05 වන දිනය.

එදින අනුරාධපුර බන්ධනාගාරයේ නිලධාරීන් ලිඛිත වාර්තාව මගින් මහාධිකරණයට දැනුම් දී ඇත්තේ අනුරාධපුර මහාධිරණය හමුවේ පැවති නඩුවට අදාළව අධිකරණය මගින් වරදකරු කර දඬුවම් නියම කර සිටි අදාළ විත්තිකරු පසුගිය මැයි මස 12 වන දා යෙදී තිබූ වෙසක් පෝය දිනයේ ජනාධිපති සමාව යටතේ මෙම නඩුවෙන් නිදහස් කර මුදා හැර ඇති බවය.

සබැඳි පුවත්:

Continue Reading

පුවත්

ගම්මන්පිලගෙන් CIDයට පැය තුනක ප්‍රකාශයක් (UPDATE)

Published

on

By

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ඉන් පිටව ගොස් තිබේ.

ඒ පැය තුනක ප්‍රකාශයක් ලබාදීමනේ අනතුරුවය.

ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු ඒ මහතා මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.


(පෙර පුවත 2025 ජූනි 09 පෙ.ව.10.37 )

ගම්මන්පිල CID එයි (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

ඒ ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධව සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහාය.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු ඒ මහතා මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.

වීඩියෝ – අද දෙරණ

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved