පුවත්

තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දෙවසරක් දක්වා දික්කරයි

Published

on

ලබන සඳුදා (26) සිට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 02ක් දක්වා දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ ඊට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට සකස් කරමින් පවතින බවයි.

මීට පෙර පැවැති කාඩ් හිඟය හේතුවෙන් දැනට ගොඩගැසී ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල තොගය අවසන් කිරීම සඳහා මෙම පියවර ගත් බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා ඇත.

Trending

Exit mobile version