Connect with us

පුවත්

තැනින් තැන හමුවන රජයේ වාහන

Published

on

මරදගහමුල දිවිනැගුම ධාන්‍යාගාර සංකීර්ණ ගොඩනැගිල්ල තුළ රජයට අයත් වාහන කිහිපයක් සඟවා තිබෙන බව දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිට ඊයේ (14) පෙරවරුවේදී ලැබුණු තොරතුරක් මත වී අලෙවි මණ්ඩලයේ නියෝජිතයක් ගෙන්වා එම වාහන පරීක්ෂාවට ලක් කර තිබේ.

වාහන පරික්ෂා කිරීමේ දී වී අලෙවි මණ්ඩලයේ නියෝජිතයා මාධ්‍යවේදීන්ට වීඩියෝ නොකරන ලෙසටද පවසා ඇත.

ඒ අනුව, මරදගහමුල දිවිනැගුම ධාන්‍යාගාර සංකීර්ණ ගොඩනැගිල්ල තුළ තිබී ඩිෆෙන්ඩර් රථයක්, ජිප් රථ දෙකක් සහ යතුරුපැදි දෙකක් සොයා ගැනීමට දිවුලපිටිය පොලිසිය සමත් වී තිබේ.

දිවුලපිටි පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා වී අලෙවි නියෝජිතවරියගෙන් විමසා සිටියේ, මෙම වාහන මෙතනට පැමිණියේ කෙදිනද යන බවත්, එයට පිළිතුරු දෙමින් එම නියෝජිතවරිය සඳහන් කළේ, 2021 වර්ෂයේදී මෙම වාහන මෙම ස්ථානයට ගෙන්වා ඇති බවය.

එවිට පොලිස් ස්ථානාධිපතිවරයා නියෝජිතියගෙන් විමසා සිටියේ, යතුරු පැදි දෙකක් සහ ජීප් රථ තුනක් පරීක්ෂා කිරීමේදී එම වාහන හොඳ තත්ත්වයේ පැවති බවත්, එම වාහන රජයේ භාවිතාවය සඳහා යොදා නොගන්නේ කුමන හේතූන් නිසාද යන බවය.

එහෙත් නියෝජිතවරිය පැවසුවේ, ජිප් රථ තුන සහ යතුර පැදි දෙකේ සුළු දෝෂ තිබෙන බවය.

ජීප් රථ තුන සහ යතුරුපැදි දෙකටාදාළ ලියකිවිලි පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම වාහන වී අලෙවි මණ්ඩලයට අයත් ඒවා බවය.

පුවත්

වෙසක් සමයේ දිවයින පුරා විශේෂ වැටලීම්

Published

on

By

වෙසක් සමයේදී රට පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

එම අධිකාරිය පවසන්නේ, වෙසක් සමයේදී බහුලව භාවිතා වන අටපිරිකර, ආගමික පූජා, හඳුන්කූරු, අලංකාර භාණ්ඩ සහ විදුලි බල්බ වැනි දෑ සහ ඒවා විකුණන වෙළෙන්ඳන් සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු කරන බවය.

එමෙන්ම, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වෙන නුවරඑළිය දිස්ත්‍රික්කයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවද පාරිභෝගික කටයුතු අධිකාරිය දැනුම් දී තිබේ.

Continue Reading

පුවත්

මිත්‍රත්ව සංගමේ ලොකු පුටුව නලින්දට

Published

on

By

ඉන්දු – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා තේරී පත්ව තිබේ.

ඒ, එම සංගමය පසුගිය 08 වනදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ රැස්වූ අවස්ථාවේදීය.

එම රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා එම සංගමයේ ලේකම් ධූරයට පත්වී තිබේ.

Continue Reading

පුවත්

සිරිපා වන්දනා සමය අදින් අවසන්

Published

on

By

අද දිනට යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනයත් සමග මෙවර ශ්‍රී පාද වන්දනා සමය ද අවසන් වේ.

ඒ අනුව හෙට (13) පෙරවරුවේදී ශ්‍රී පාද මළුවේ සිට සධාතුක කරඬුව සහ සමන් දේව ප්‍රතිමාව රැගත් පෙරහැර ගමන් ආරම්භ කිරීමට නියමිත බව දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී පුජ්‍ය මොරහැල සුගතජෝතී හිමි පැවසූහ.

පසුගිය දෙසැම්බර් මස 14 වන දින මෙවර සිරිපා වන්දනා සමය ආරම්භ විය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved