Connect with us

පුවත්

තැන තැන සිදුවෙන මාරක රිය අනතුරු – 5 ක් මරුට

Published

on



කොළඹ රත්නපුර මාර්ගයේ පහළ තලාවිටිය ප්‍රදේශයේදී ඇහැලියගොඩ දෙස සිට කුරුවිට දෙසට ධාවනය වූ යතුරුපැදියක් ලොරි රථයකට ඉස්සර කිරීමට යාමේදී ඉදිරියෙන් පැමිණි කන්ටේනර් රථයක ගැටී සිදුවූ අනතුරින් යතුරුපැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 28ක් වූ දව්ලගල කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මාවතගම පොලිස් වසමේ කුරුණෑගල මහනුවර මාර්ගයේ බෝයගොඩ ප්‍රදේශයේදී මහනුවර දෙස සිට කුරුණැගල දෙසට ධාවන වූ වාහනයක පදික පුද්ගලයෙකු ගැටී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 34ක් වූ උඩකොට්ටමුල්ල, වෑඋඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

එමෙන්ම වාකරේ මඩකලපුව ත්‍රිකුණාමලය මාර්ගයේ කණ්ඩල්ඩි ප්‍රදේශයේදී ත්‍රිකුණාමලය දෙස සිට වාලච්චේන දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාපැදියක ගැටී සිදුවූ අනතුරකින් පාපැදිකරු මියගොස් ඇති අතර එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 56ක් වූ පුලියන්කණ්ඩල්අඩි වාකරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කිරිබත්ගොඩ තැඹිලිගස්මුල්ල ප්‍රදේශයේදී අතුරු මාර්ගයක සිට මාකොළ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් විදුලි රැහැන් කණුවක ගැටී තරුණයෙකු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 18ක් වූ මහර, කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අඹේපුස්ස ත්‍රිකුණාමලය මාර්ගයේ තොළඹුගොල්ල ප්‍රදේශයේදී කුරුණෑගල දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ යතුරුපැදියක් මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාවගේ ගැටී සිදුවූ අනතුරුන් පදික කාන්තාව මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ අවුරුදු 66ක් වූ තොළඹුගොල්ල, ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

පොලීසිය පැවසුවේ ඊයේ (13) මෙම අනතුරු සිදුව ඇති බවය.

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved