Connect with us

පුවත්

තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය වේ

Published

on

2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ආර්. එම්. ඒ . එල්. රත්නායක මහතා සඳහන් කළේ අදාළ සංශෝධිත දින වන්නේ අප්‍රේල් මස 24, 25, 28 සහ 29 යන දිනයන් බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා,

“ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ඇතුළු සියලූම ආයතන සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මාසයේ 24,25, 28 සහ 29 යන දින 4 තුළ සිදු කිරීමට තීරණය කර තිබෙනවා.”

“කිසිදු වෙනස්කමක් නොමැතිව සියලූම රාජ්‍ය ආයතන සහ අනෙකුත් සියලුම ආයතනවල තැපැල් ඡන්ද දායකයින්ට මේ දින 4දී තමන්ගේ කාර්යාලයේදී අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.”

“ඒ වගේම මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රාජකාරීවල යෙදී සිටින පොලීසියේ සියලුම නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පිහිටුවනු ලබනවා.”

“ඒ වගේම ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ඒ ඒ හමුදා කඳවුරුවලදී නියම කරනු ලබන සහතික කිරීමේ නිලධාරියෙක් ඉදිරියේ මේ දින 4 තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා.”

ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339 සඳහාම සියලුම ඡන්දහිමියන් වෙත බෙදාහැරීමට නියමිත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඊයේ (16) දිනයේදී අදාළ තේරීම්භාර නිලධාරීන් විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇත.

ඒ අනුව එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම මේ වනවිට ආරම්භ කර තිබේ.

අප්‍රේල් මස 29 දක්වා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීමේ කටයුතු සිදුකරයි.

අප්‍රේල් මස 29 පසු යම් පුද්ගලයෙකුට නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලැබී නොමැති නම් අදාළ තැපැල් කාර්යාලයෙන් ඒ පිළිබඳව විමසීම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.

පුවත්

බෙරගල – වැල්ලවාය මාර්ගයේ නායයෑමක්

Published

on

By

බෙරගල වැල්ලවාය අතර විහාරගල ප්‍රදේශයේ නායයෑමක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවහිර වූ මාර්ගයේ එක් මංතීරුවක් මේ වන විට විවෘත කර තිබේ.

කොළඹ චෙන්කලඩි ප්‍රධාන මාර්ගයේ විහාරගල ප්‍රදේශයේ කිලෝමීටර් 184 කණුව ආසන්නයේ මෙම නායයෑම සිදුවිය.

අධික වර්ෂාවත් සමග මාර්ගයේ ඉහළ කොටසේ පස්කදු මාර්ගයට කඩා වැටී තිබේ

ඒ හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙම මාර්ගයේ ගමන් කිරීම සම්පූර්ණයෙන්ම අවහිර විය.

හපුතලේ පොලීසිය , ප්‍රදේශවාසීන් හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව මේ වන විට එහි එක් මංතීරුක් විවෘත කර තිබේ.

මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකය.

Continue Reading

පුවත්

පිල්ලයාන්ගේ රියදුරු CID අත්අඩංගුවට

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළවය.

Continue Reading

පුවත්

අද ලොකු වැස්සක්

Published

on

By

සබරගමුව, මධ්‍යම, නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (19) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියේ ඒ බව සඳහන් ය.

ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී වැසි ඇති වෙයි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් ද කරයි.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved