Connect with us

පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Published

on

මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව මැතිවරණ රාජකාරීවලින් නිදහස් කර ඇති අය හැර රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ අනෙකුත් සියලුම නිලධාරින් තැපැල් ඡන්ද ඉල්ලුම් කළ යුතු අතර, තැපැල් ඡන්ද අයදුම් කර නොතිබීම මෙන්ම අඩුපාඩු සහිතව ඉදිරිපත් කරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කර තිබීම ද මැතිවරණ රාජකාරීවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

මේ අතර එළැඹෙන මහමැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වීමට නියමිතව තිබේ.

පිළිගත් දේශපාලන පක්ෂ හැර සියලු ස්වාධීන කණ්ඩායම් මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ යුතුය.

ඒ අනුව ඊයේ (09) දිනය දක්වා ස්වාධීන කණ්ඩායම් 293ක් ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේය.

මේ දක්වා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර එම සංඛ්‍යාව 42කි.

මේ අතර දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 88ක් එළැඹෙන මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කලේය.

දේශපාලන පක්ෂ 46ක් සහ ස්වාධීන කණ්ඩායම් 42ක් මෙලෙස නාමයෝජනා භාර දී ඇති බව සඳහන්ය.

මේ අතර හෙට (11) මධ්‍යහන 12 දක්වා දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී නාමයෝජනා පත්‍ර භාරදීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

ඉන් අනතුරුව පැය එකහමාරක කාලයක් විරෝධතා ගොනුකිරීම සඳහා අවස්ථාව සලසා දී තිබේ.

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි (සජීවී විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කර තිබේ.

එහි සජීවි විකාශය ඉහතින් දැක්වේ.

Continue Reading

පුවත්

ශෂීන්ද්‍ර  අල්ලස් කොමිසමට

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසමට පැමිණ තිබේ.

Continue Reading

පුවත්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Published

on

By

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

පානදුර සහ එගොඩඋයන අතර දුම්රිය මාර්ගයට අද (05) උදෑසන හානි සිදුවීමෙන් මෙම ප්‍රමාදය ඇති වී ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය වැඩිදුරටත් පවසයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved