Connect with us

පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7ක්

Published

on

ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ලක්ෂ 7කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

පළාත් පාලන ඡන්දයේ තැපැල් ඡන්දයට සුදුසුකම් ලැබූ පුද්ගලයින්ගේ අයදුම්පත් භාරගැනීම මාර්තු 03 වන දින සිට ආරම්භ කෙරුණු අතර එම කටයුතු පසුගිය 17 වන දිනෙන් අවසන් කෙරුණි.

මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ රාජකාරී සඳහා වූ රාජ්‍ය නිලධාරීන්ගේ තොරතුරු සංගණනය අවසන් අදියර වෙත ළඟා වී ඇති බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

ඒ අනුව යම් රාජ්‍ය නිලධාරීයෙකු තම තොරතුරු මේ දක්වාත් ලබාදී නොමැති නම් එම තොරතුරු තම ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිතව අදාළ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත යොමුකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඉල්ලීමක් කළේය.

පුවත්

සුජීව හයපාරක් CIDයට ප්‍රකාශදීම මඟ හැරලා; 16දා අධිකරණයට ඉදිරිපත් කරන්න කියයි

Published

on

By

හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ලබන  16 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවූ බව තහවුරු කිරීම සඳහා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන ලෙසත් කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පසුගියදා නියෝග කළාය.

රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී වී8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලැස්  කිරීමේ සිදුවීමට අදාළ නඩුව කොටුව අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී නිලුපුලී ලංකාපුර මෙනවිය එසේ  නියෝගය   කළාය.

එහිදී අදහස් දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා අධිකරණයේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ රුපියල් කෝටි දහයක් පමණ වටිනා සුඛෝපභෝගී වී 8 වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලැස් කළ බවට චෝදනා එල්ල වී තිබෙන සුජීව සේනසිංහ මහතා  එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම අවස්ථා හයකදී මගහැර ඇති  බවය.

ඔහු පදිංචිව සිටි කොල්ලුපිටියේ නිවසට අවස්ථා කිහිපයකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගොස් ඇතත් නිවස ඉබි යතුරු දමා වසා දමා ඇති බව රජයේ අධිනීතිඥවරයා කීය. විමර්ශනයට සහාය නොදෙන්නේ නම් සැකකරුවෙක් ලෙස නම් කර ඔහු අත්අඩංගුවට ගතහැකි බව අධිනීතිඥවරයා වැඩි දුරටත් කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.

ශක්ති ජාගොඩආරච්චි මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ප්‍රශ්නගත සිදුවීම සම්බන්ධයෙන් අදාළ නඩුව පසුගියදා කොටුව අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදීය.

එහිදී සුජීව සේනසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධීපති නිතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ සුජීව සේනසිංහ මහතා ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදේශ ගතවී ඇති බවයි. එසේම ඔහු තව දින කීපයකින් මෙරටට පැමිණෙන බවද ජනාධීපති නිතිඥවරයා පැවැසුවේය.

එම අවස්ථාවේ රජයේ අධිනීතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා කරුණු දැක්වීම සඳහා අවසර ඉල්ලා සිටියත් ජනාධීපති නිතිඥවරයා ඊට විරෝධය පළ කළේය. ජනාධිපති නිතිඥවරයා සේවා දායකයා විවෘත අධිකරණයේ නොමැති අවස්ථාවක කරුණූ දැක්වීම යුක්ති සහගත නොවන බවය. කරුණු සළකා බැලීමෙන් අනතුරුව ශක්ති ජාගොඩආරච්චි මහතාට කරුණු දැක්වීමට මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය අවසර ලබා දුන්නාය.

සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉහත නියෝගය කළ අතර  ඒ අනුව නඩුව එළැඹෙන 16  වැනිදා යළි කැඳවීමට නියමිතය.

Continue Reading

පුවත්

e-NIC ව්‍යාපෘතිය සම්බන්ධව අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Published

on

By

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය (e-NIC) යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පරිගණක හා උපකරණ පද්ධතිය සඳහා විදුලිය බෙදාහැරීමේ ඒකක ප්‍රසම්පාදනය පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සම්බන්ධව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය කරුණු දක්වා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ රජයට හිතවත්කම් ඇතැයි දක්වන ව්‍යාපාර වෙත මෙම ප්‍රසම්පාදන යටතේ අයතා වාසි ලබා දීමට කටයුතු කරනු ඇති බවටත් පළවන මාධ්‍ය වාර්තා සාවාද්‍ය බවය.

එමෙන්ම විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතියේ ඉතිරි සියළු ප්‍රසම්පාදන ද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ මෙතෙක් සිදුකළ පරිදි ඉහළ පාරදෘශ්‍යතාවයකින්, නිසි ප්‍රමිතියෙන් හා පිරිවැය සඵලදායකත්වයෙන් යුතුව සිදුකරන බවත් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ව තිබේ.

Continue Reading

පුවත්

කෙහෙළියට සිතාසි

Published

on

By

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට ලබන 11 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා  කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ අද සිතාසි නිකුත් කළේය.

විත්තිකරුවන්ට එරෙහිව ඇති අධිචෝදනා පත්‍ර බාරදීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා මෙම සිතාසි නිකුත් කෙරිණි.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා 13ක් යටතේ චෝදනා ගොනු කර තිබේ.

මෙම නඩුව මහාධිකරණ විනිසුරුවන් වන මහේන් වීරමන්, අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරුවරු මඩුල්ල මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved