පුවත්

තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීමේ අවසන් දිනය

Published

on

ඉදිරි ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දී තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම 2024.08.05 වන දින අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම් කිරීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මේ බව සඳහන් කලේය.

එමෙන්ම,  ව්‍යාජ ප්‍රචාරවලට හසු නොවී මැතිවරණ කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියේ තමන්ගේ ලියාපදිංචියට අදාළ තොරතුරු අනුව කටයුතු කරන ලෙස එම කොමිෂන් සභාව  දැනුම් දී තිබේ.

තැපැල් ඡන්ද අයදුම්කරුවන්ට කැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීම සඳහා ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචියට අදාළ තොරතුරු මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වූ www.elections.gov.lk මගින් 2024 ජනාධිපතිවරණ ඡන්දහිමි නාමලේඛන තොරතුරු (2024 ඒකාබද්ධ ඡන්දහිමි නාමලේඛනය) යනුවෙන් දැක්වෙන දිගුව වෙත පිවිස තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගැනීමේ පහසුකම සලසා දී ඇත.

විවිධ අයුරින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන දැන්වීම් සම්බන්ධයෙන් කොමිෂන් සභාවේ කිසිදු වගකීමක් නොමැති අතර එහි සඳහන් තොරතුරු අසත්‍ය සහ ජනතාව නොමග යවන සුළු ප්‍රචාරයන් බවද නිවේදනය කර තිබේ.

Trending

Exit mobile version