පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පෙබරවාරි 22, 23 හා 24 යන දිනවල සිදු කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, තැපැල් ඡන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට් තැපෑලට භාර දීම පෙබරවාරි 15දා සිදු කරන බවත්, නිල ඡන්ද දැන්වීම් කාඩ්පත් තැපෑලට භාරදීම පෙබරවාරි 19දා සිදු කෙරෙන බවත්ය.
පළාත් පාලන මැතිවරණය මාර්තු 09දා පැවැත්වීමට නියමිත අතර, ඊට අදාල ගැසට් නිවේදනයද පසුගියදා නිකුත් කෙරුණි.