Connect with us

පුවත්

තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තුන්වෙනි දවස අද

Published

on

මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අද (04) යි.

ඒ අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01 වනදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ තවදුරටත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දහිමියන් සඳහා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී නොවැම්බර් 07 සහ 08 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවය.

මේ අතර ඡන්දය ප්‍රකාශ කිරීම හා මනාප ලකුණු කිරීම පිළිබඳව පැහැදිලි කිරීමක් සිදුකරමින් මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව සෑම ඡන්ද දායකයෙකුම එක් ඡන්දයක් ඇති අතර එය පිළිගත් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන කණ්ඩායමකට ලබා දිය හැකි බව සඳහන්ය.

ඡන්දය ලබාදෙන දේශපාලන පක්ෂය හෝ ලකුණ ඉදිරියෙන් හෝ ස්වාධීන කණ්ඩායමේ අංකය සහ ලකුණ ඉදිරියෙන් ඇති හිස්කොටුව තුළ කතිර ලකුණක් යෙදිය යුතු වේ.

ඉන් අනතුරුව එම පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම විසින් නාමයෝජනා ලබා දෙන ලද තුන්දෙනෙකුට නොවැඩි අපේක්ෂකයන් ගණනක් සඳහා මනාපය පළ කිරීමට ඡන්ද පත්‍රිකාවේ අග දැක්වෙන එක්එක් අපේක්ෂකයන්ට වෙන්කර දී ඇති අනුක්‍රමික අංකය ඇතුළත් කොටුව මත කතිර සලකුණක් යෙදීම සිදුකළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර ඡන්දදායකයා විසින් පිළිගත් දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් එකකට වැඩි ගණනකට ඡන්දය පළ කර ඇත්නම් හෝ පසුව හඳුනාගනු ලැබීමට හේතුවිය හැකි යම් ලකුණක් ඡන්ද පත්‍රිකාව මත තැබුවහොත් එම ඡන්දය බලරහිත වන බව සඳහන්ය.

එමෙන්ම ඡන්දය සහ මනාපය ලබා දී‍මේ දී කතිරය පමණක් භාවිතා කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved