විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය පවසන්නේ අද (31) දිනයේ සාමාන්‍ය පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු ක්‍රියාත්මක වන බවය.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජේ එච් එම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසුවේ මධ්‍යම තැපැල් හුවමාරුවේ වර්ජනයේ නිරතව සිටි තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් ඊයේ (30) පස්වරුවේ සිට සේවයට වාර්තා කර ඇති බවයි.
වැඩවර්ජනය හේතුවෙන් ගොඩගැසී තිබූ තැපැල් මලු 2,000කට අධික ප්‍රමාණයක් බෙදාහැරීම මේ වනවිට ආරම්භ කර ඇති බවද ඒ මහතා පැවසීය.
බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසදීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගමින් මෙම වර්ජනය ක්‍රියාත්මක විය.
එම වැඩවර්ජනය මගින් සිය ගැටලු පිළිබඳ අදාළ බලධාරින්ගේ අවධානය යොමු කරවූ බවයි විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ජේ එච් එම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවසීය.
සබැඳි පුවත්: