පුවත්

තැපැල් සේවක නිවාඩු අවලංගු කෙරේ

Published

on

අසනීප නිවාඩු වාර්තා කරමින් ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුව ඊයේ (12)  මධ්‍යම රාත්‍රීයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒකාබද්ධ තැපැල් සේවක වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ, අද  මධ්‍යම රාත්‍රිය දක්වා දිවයින පුරා මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟයට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස බලධාරීන් දැනුවත් කිරීම මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයේ අරමුණ බව චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේය.

කෙසේවෙතත් තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේ, වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරීමට තීරණය කර ඇති බවය.

අදාළ ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට මේ වන විටත් තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගනිමින් සිටින අතර එවන් අවස්ථාවක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම පිළිගත නොහැකි බව තැපැල්පතිවරයා විසින්  පවසන ලදී.

කෙසේවෙතත් තැපැල් දෙපාර්තමේන්තුවේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි සෑම පියවරක්ම ගන්නා බව තැපැල්පති රුවන් සත්කුමාර මහතා සඳහන් කළේය.

සබැඳි පුවත්:
https://sinhala.srilankamirror.com/news/අද-මැදියම්-රැයේ-සිට-තැපෑල/

Trending

Exit mobile version