පුවත්

තැපෑලේ වර්ජනේ සති 2කට කල් දමයි

Published

on

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණ අද (25) ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ පැය හතළිස් අටක වර්ජනය සති දෙකකින් කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

රුපියල් විසි දහසක ජීවන වියදම් දීමනාවක් ලබාගැනීම, පවතින පුරප්පාඩු වහාම පිරවීමට පියවර ගැනීම සහ වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් එම ඒකාබද්ධ පෙරමුණ විසින් ඉදිරිපත් කර තිබේ.

ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා විසින් අදාළ ඉල්ලීම් ඉටු කිරීම සඳහා යම් කාලයක් ලබාදෙන ලෙසට කළ ඉල්ලීම සලකා බලා මෙම තීරණය ගත් බව තැපැල් වෘත්තීය සමිති ඒකාබද්ධ පෙරමුණේ ප්‍රධාන ලේකම් සම්පත් සී. ලියනගේ මහතා පැවසීය.

ඉදිරි දෙසතියේ දී ඒ සම්බන්ධයෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබුණහොත් කිසිදු දැනුම්දීමකින් තොරව වර්ජනයක් ආරම්භ කිරීමට කටයුතු කරන බව සම්පත් සී. ලියනගේ මහතා අවධාරණය කළේය.

Trending

Exit mobile version