Connect with us

පුවත්

තැපෑල යළි වැඩ අරඹයි

Published

on

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලද පැය 48ක සංකේතාත්මක වර්ජනය අවසන් කර තිබේ.

තැපැල් වෘත්තිය සමිති එකමුතුව විසින් මෙම වැඩ වර්ජනය ඊයේ (08) සිට ක්‍රියාත්මක කරන ලදී.

අද (09) දහවල් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා සමග සාකච්ඡාවේ දී ඔහු එකඟ වී ඇත්තේ සේවක පුරප්පාඩු නිරාකරණය කිරීමට මැදිහත් වන බවය.

එම අවස්ථාවේ දී තැපැල් වෘත්තීය සමිති පෙන්වා දී ඇත්තේ, ඉදිරියේ දී මැතිවරණයක් පැවැත්වෙන හෙයින් සේවක පුරප්පාඩු සම ඡන්ද කටයුතු පමණක් සිදු කරගත හැකි බවත් සෙසු සේවා කිසිවක් සිදු කිරීමට හැකියාවක් නොමැති බවය.

මේ තත්ත්වයට ගත හැකි පිළියම් සාකච්ඡා කිරීමට නොබෝ දිනකින් තවත් සාකච්ඡාවක් තැපැල් වෘත්තීය සමිති වෙත අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා විසින් ලබා දීමටද පොරොන්දු වී ඇති බවත් වාර්තා වේ.

ඒ අනුව, හෙට (10) දිනයේ සිට සාමාන්‍ය පරිදි තැපැල් සේවය සිදු කෙරෙන අතර, අද සවස 4.00 සිට මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතු ද සක්‍රීය වනු ඇත.

පුවත්

2024 උ / පෙළ ප්‍රතිඵල නිකුත් වේ

Published

on

By

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

Continue Reading

පුවත්

NPP ගිවිසුම් නිසා ලංකාව ජිහාඩ් තර්ජනයක (වීඩියෝ)

Published

on

By

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වය හමුවේ ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බවත්, එය ජිහාඩ් කල්ලිවල ඉලක්කයක් බවට රට පත් කළ හැකි බවත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මහරගම නගර සභාව වෙනුවෙන් පළාත් පාලන ජන්දය සඳහා සිය පක්ෂයෙන් ඉදිරිපත් කර සිටින අපේක්ෂකයන්ට සහාය දැක්වීමට සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

එහිදී දළදා ප්‍රදර්ශනයේ දී ජාතික ජන බලවේගයේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් මහජනයා මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ ව ද රණවක මහතා මෙහි දී අවධානය යොමු කළේ ය. 

“සාංඝික දානයක් වත් දීපු මිනිහෙක් ද මේ ජනාධිපති? ගෙදර සාංඝික දානයක් දීපු කෙනෙක් ද මේ අගමැතිතුමිය? මේගොල්ලන්ට පුළුවන් ද, දළදා මංගල්‍යය වගේ දෙයක් කරන්න?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළ අතර, 

එවැනි අත්දැකීම් නොමැති පිරිසක් නිසා මහනුවර “එක ම කහළ ගොඩක් එක ම අසූචි ගොඩක්, එක ම මුත්‍රා ගොඩක් බවට පත් වෙලා” යැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

මෙය ජාතික ජන බලවේගයේ “වැඩ බැරි කම” පෙන්නුම් කරන බවත්, ඔවුන්ගේ පාලනය යටතේ වන්දනාකරුවන්ට පවා පොලිසිය හා හමුදාව යොදවා නතර කිරීමට සිදු ව ඇති බවත් ඔහු පැවසීය

Continue Reading

පුවත්

රත්නපුර රෝහලේ සේවකයින් 166කට ඩෙංගු

Published

on

By

රත්නපුර ශීක්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

ජනවාරි සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.

වසරේ ගතවූ කාලය තුල මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 14,600කට අධිකය.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක වලිනි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved