මාතලේ, රබිමගම නිවසක පදිංචිව සිටි එකම පවුලේ සිව් දෙනෙකුට අසල්වැසියෙකු කඩුවකින් කළ පහරදීමකින් අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
පොලිසිය පැවසුවේ, අසල නිවසක පදිංචි පුද්ගලයෙකු විසින් සිදු කරන ලද මෙම පහරදීමෙන් තුවාල ලැබූ මව, දියණිය සහ පුතුන් දෙදෙනා මාතලේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පිරිමි දරුවෙකු එලෙස මිය ගොස් ඇති බවයි.
වයස අවුරුදු 38ක් වූ මව, අවුරුදු 19ක් වන දියණිය සහ අවුරුදු 15ක් වූ පිරිමි දරුවා මේ වන විට මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම පවුල සහ යාබද නිවසක පවුලක් අතර කලක් තිස්සේ පැවති පුද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුකර ඇති බවයි.
මෙලෙස අපරාධය සඳහා යොදා ගත් කඩුව ද සමගින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.