පුවත්

‘තියෙන ප්‍රශ්න විසඳනවා වෙනුවට නැති ප්‍රශ්න හදනවා” (වීඩියෝ)

Published

on

ජනාධිපතිවරයාගේ ධූර කාලය අවුරුදු 5ක් බව ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු තුනක් හරහා සනාථ වී ඇති බවත්,ජනාධිපතිවරණය අත ළඟ තිබියදී  මෙවැනි මත සමාජගත කර මහජනතාවගේ මනස තුළ ව්‍යාකූල භාවයක් ඇති කිරීමට රජය උත්සාහ දරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කරේ නිසි කාලය තුළ ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව සභාව කල් තැබීමේ විවාදය සමඟ එක්වෙමිනි. 

පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ දී ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල යන මහත්වරුන් විසින් ගෙන ලද ඒකාබද්ධ යෝජනාවකට අනුව අද මෙම කල්තැබීමේ විවාදය පැවැත්වූ අතර මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා විවාදය සමඟ එක්වෙමින් තම අදහස් දක්වන ලදී.

“තියෙන ප්‍රශ්නයක් විසඳීමට නෙවෙයි නැති ප්‍රශ්නයක් ඇති කිරීමට තමයි මේ උත්සාහය දරන්නේ.  දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ ජනාධිපතිවරයාගේ නිල කාලය කුමක්ද? කාටද මේකට බලාත්මක පිළිතුරක් දෙන්න පුළුවන් වන්නේ? මේ රටේ තියෙන්නේ එකම ආයතනයයි. ඒ තමා ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය. 

ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය එක වතාවක් නෙවේ අවස්ථා තුනක දී ඉතාමත් පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. ජනාධිපතිවරයාගේ ධූරකාලය අවුරුදු 05යි අවුරුදු 06ක් නෙවෙයි, අවුරුදු 05යි.”

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී තම අදහස් දක්වමින්,

Trending

Exit mobile version