පුවත්

තිරප්පපනේ විදුහලක සිසුන් 21ක් රෝහල් ගතකෙරේ

Published

on

හදිසියේ ඇති වූ ආසාත්මික තත්ත්වයක් හේතුවෙන් තිරප්පනේ විදුහලක සිසුන් 21 දෙනෙකු රෝහල් ගතකර තිබේ.

එලෙස රෝහල්ගත කර ඇත්තේ, එම පාසලේ 4 වැනි වසරේ ඉගෙනුම ලබන සිසුන් පිරිසකි.

ශරීරයේ ඇතිවූ කැසීම් ස්වභාවය හේතුවෙන් ඔවුන් මෙලෙස රෝහලට ඇතුළත් කර තිබේ.

එම දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පාසල් විදුහල්පතිවරයා දැනුවත් කිරීමෙන් අනතුරුව 1990 ගිලන් රථය හරහා ඔවුන් ප්‍රතිකාර සඳහා මරදන්කඩවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණි.

අදාළ සිසු සිසුවියන් වීදුරුවලින් ආවරණය කළ පංති කාමරයක් තුළ ආහාර ගෙන ඇති බවත්, ඉන් අනතුරුව සිසුන්ගේ ඇඟ කැසීමේ තත්ත්වයක් මතුව ඇති බවත් වැඩිදුරටත් වාර්තා වේ.

ආහාර ගැනීමෙන් පසුව සිසුන් අතර මෙම තත්ත්වය මතුව තිබීම නිසා මෙය කිසියම් ආඝ්‍රාහණයකින් සිදු වූයේද නැතිනම් ආහාර හේතුවෙන් සිදු වූයේ ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැත.

Trending

Exit mobile version