Connect with us

පුවත්

තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුවට ජනපති එක්වෙයි

Published

on

එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ මහා මණ්ඩලයේ අනුග්‍රහය යටතේ පැවති තිරසාර සංවර්ධනය පිළිබඳ ඉහළ මට්ටමේ දේශපාලන සංසදයක් වන “තිරසර සංවර්ධන ඉලක්ක පිළිබඳ සමුළුව – 2023” සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර, මීට සුළු මොහොතකට පෙර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ලෝක බැංකුවේ සභාපති අජේ බංගා (Ajay Banga) මහතා හමුවූ ජනාධිපතිවරයා ඵලදායී සාකච්ඡාවක නිරත වූ බවද එම අංශය පවසයි.

පුවත්

වසරක් පාසා දළදා වන්දනාවක්!

Published

on

By

වසරක් පාසා දළදා වන්දනාව පැවැත්වීමට අදාළව යෝජනාවක් මහනායක ස්වාමීන් වහන්සේලාට සහ දියවඩන නිළමේවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර, මහාචාර්ය සරත් අබේකෝන් පවසයි.

අද (24) උදෑසන පැවති දිසාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළේය.

සෞඛ්‍ය අංශවල ඉල්ලීම අනුව මේ වන විට මහනුවර පවතින තත්ත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා අදාළ සාකච්ඡාව පැවැත්වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Continue Reading

පුවත්

යාන්තමින් ජීවත් වීමට මාසෙකට 16,318ක්වත් ඕනේ

Published

on

By

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලබන නිල දරිද්‍රතා රේඛා සටහනෙහි නවතම සංස්කරණය නිකුත් කර තිබේ.

2025 පෙබරවාරි මාසය වෙනුවෙන් නිකුත් කර ඇති මෙම නවතම සටහන අනුව ජාතික මට්ටමින් නිල දරිද්‍රතා රේඛාව සටහන් වන්නේ රු. 16,318 ක් ලෙසිනි.

පුද්ගලයෙකු හට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයක් තුළ අවශ්‍ය කෙරෙන අවම මුදල ලෙසින් මෙය හැඳින්විය හැකිය.

ඒ අනුව 4 දෙනෙකුගෙන් යුතු පවුලක් සඳහා මාසයක් වෙනුවෙන් සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය අවම මුදල රු. 65,272 ක් ලෙසින් ගණනය කළ හැකිය.

නිල දරිද්‍රතා රේඛාව, මාසිකව දිස්ත්‍රික්ක මට්ටමින් ගණනය කරනු ලබන අතර ඊට අනුව සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් අවශ්‍ය අවම මුදල, කොළඹ දිස්ත්‍රික්කයේ වෙසෙන පුද්ගලයෙකුට රු. 17,599 ක් වන අතර එය දිස්ත්‍රික්ක මට්ටමින් වැඩිම අගය වේ.

අඩුම අගය මොණරාගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම අගය රු. 15,603 කි.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ 2025 පෙබරවාරි මාසයේදී වාර්තා වූ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (NCPI) අගය පෙර මාසයට සාපේක්ෂව පහළ මට්ටමක පැවතීම මෙලෙස නිල දරිද්‍රතා රේඛාව පහළ යාමට හේතු වී ඇති බවයි.

සම්පූර්ණ සටහන පහතින් දැක්වේ

Continue Reading

පුවත්

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

Published

on

By

ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

පසුගිය 22වනදා රාත්‍රියේ වැල්ලම්පිටියේ දී සිදුවූ වෙඩි තැබීමකින් ඩෑන් ප්‍රියසාද්  ජීවිතක්ෂයට පත් විය.

රාත්‍රී 9:10ට පමණ වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණයේ උඩු මහලකදී මෙම වෙඩිතැබීම සිදුකර තිබුණි.

යතුරුපැදියකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩිතැබීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසයි.

සබැඳි පුවත්

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved