Connect with us

පුවත්

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කරගන්න UNDP සහය

Published

on

තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජිතයෝ පැවසූහ.

ඔවුන් මේ බව සඳහන් කළේ තිරසර සංවර්ධන ඉලක්ක අය වැයකරණයට එක් කිරීම පිළිබද පසුගියදා ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතාගේ හා පරිසරය සහ තිරසාර මූල්‍යකරණය පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය ආනන්ද මලවිතන්ත්‍රී යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නියෝජනය කරමින් එහි නේවාසික නියෝජිත Azusa Kubota , අයවැය ලේඛන උපදේශක Asif Shah, ඒකාබද්ධතා විශේෂඥ දුලානි සිරිසේන මෙනවිය සහ ප්‍රතිපත්ති, පර්යේෂණ සහ නියැලීමේ සහකාර Afraa Mohamed යන මහත්ම මහත්මීහු එක්ව සිටියහ.

තිරසර සංවර්ධන ඉලක්ක රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පද්ධතිවලට ඒකාබද්ධ කිරීමේ තාර්කිකත්වය පිළිබඳව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර සංවර්ධන ඉලක්ක හා අය වැයකරණයේ ප්‍රධාන ප්‍රතිලාභ පිළිබඳව ද සාකච්ඡා විය.

මූල්‍ය අවකාශය සහ මූල්‍ය පරතරය අවම කිරීම සඳහා වැඩිදියුණු කළ දත්ත සමඟ අයවැය තීරණ සඳහා ඵලදායී පදනමක් සැපයීම, සමාජ අංශයේ වියදම් ආරක්ෂා කිරීම සඳහා කාර්යක්ෂම ක්‍රමවේද හඳුන්වාදීමෙන් රජයට සහ පරිත්‍යාගශීලීන්ගේ සාකච්ඡාවලට සහාය වීම, සම්පත් ඵලදායි ලෙස ඉලක්කගත කිරීමට සහාය වීම සඳහා අරමුදල් හිඩැස් සහ අඩු සම්පත් ප්‍රමුඛතා හඳුනා ගැනීම පිළිබඳව ද අවධානය යොමු විය.

එමෙන්ම ප්‍රතිපත්ති ඒකාබද්ධතාව ප්‍රවර්ධනය කිරීම සහ රාජ්‍ය ආයෝජනවල මුදලට වැඩි වටිනාකමක් ලබා ගැනීම සඳහා සහාය වීම, තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සඳහා පාරදෘශ්‍යතාව තහවුරු කිරීමෙන් රජයේ ක්‍රියාමාර්ග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම, සම්පත් බලමුළු ගැන්වීම සඳහා නිසි ක්‍රම පද්ධතියක් සැපයීම, සහ තිරසාර සංවර්ධන ඉලක්ක/ දේශගුණය/ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පාදක කරගත් අය වැය ඉලක්ක හරහා වාර්ෂික අයවැය ලේඛනයේ ප්‍රමුඛතා හඳුනාගැනීම වැනි ප්‍රතිලාභ පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

තවද එම ක්‍රියාවලියේදී ඇතිවන ප්‍රායෝගික ගැටලු සහ එම ගැටලු වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳව මෙම සාකච්ඡාවේ දී පුළුල්ව විමසා බැලිණි.

තිරසර සංවර්ධන සභාව නියෝජනය කරමින් අධ්‍යක්ෂ ජෙනරාල් චමින්ද්‍රි සපරමාදු සහ සහකාර අධ්‍යක්ෂිකා නදීකා අමරසිංහ යන මහත්මීන් ද ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් රාජිත අබේගුණසේකර, අධ්‍යක්ෂ සජන සූරියආරච්චි යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

පුවත්

අල්ලස් කොමිසමෙන් රනිල්ට දින දෙයි

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එළැඹෙන 25 වැනිදා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින එම කොමිසම දන්වා තිබේ.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සම්බන්ධව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය.

ඒ අනුව එළැඹෙන 25 වැනිදා පෙරවරු 09.30ට අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට අල්ලස් කොමිසම දැනුම් දී තිබේ.

සබැඳි පුවත් :

අල්ලස් කොමිසමට කැඳවීම ගැන රනිල්ගෙන් නිවේදනයක්

Continue Reading

පුවත්

දේශබන්දුට අධිකරණයෙන් නියෝගයක්

Published

on

By

අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25වනදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබේ.

මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය ලබාදී තිබේ.

ඒ ඉකුත් අප්‍රේල් මස 10වනදා දේශබන්දු තෙන්නකෝන් ඇප ලබා මාතර මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කර ඇති බවට නීතිපතිවරයා මෝසමක් මගින් අද (21) අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් අනතුරුවයි.

Continue Reading

පුවත්

මුළු ආණ්ඩුවක් එක්ක තනි මම රැම්බෝ වගේ (වීඩියෝ)

Published

on

By

මුළු ආණ්ඩුවක් සමඟම තමන් තනිව, සුප්‍රකට හොලිවුඩ් වීරයෙකු වන රැම්බෝ මෙන් සටනක නිරතව සිටින බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

පිල්ලෙයාන් රැදවුම්භාරයට ගනිමින්, ඉන් පසුව, පිල්ලෙයාන් හෙළිදරව්වක් සිද්ධ කලා යැයි කියමින් යම් කිසි පාර්ශ්වයක් අත්අඩංගුවට ගැනීමට රජය දියත් කර තිබුණු කුමන්ත්‍රණය, තමන් උපායශීලීව පිල්ලෙයාන් හමුවීමට යාම නිසා කඩාකප්පල් වූ බව ගම්මන්පිල මහතා විසින් පෙන්වා දෙනු ලබයි.

විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved