Connect with us

පුවත්

තිළිණිට කතා කළැයි දිලිත්ගේ මීඩියා ලිව්වාට දෑ අවුරුද්දක් හිරේ දාන්නැයි විජේ කියයි

Published

on

අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ලිබර්ටි පබ්ලිකේෂන් ආයතනයට අයත් දිනපතා ඉංග්‍රීසි පුවත්පතේ පළවූ වාර්තාවක් හේතුවෙන් තම වරප්‍රසාද කඩවී ඇති බව සඳහන් කළේය.

ඔහු කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳ පරීක්ෂණයක් පවත්වන ලෙසය.

ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රභූන්ගෙන් විශාල වශයෙන් මුදල් වංචා කළ තිළිණි ප්‍රියමාලිගේ නඩුව ඉකුත් බදාදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී විභාගයට ගත් අතර එය එම ඉංග්‍රීසි පුවත්පත පෙරේදා ඒ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබිණි.

ඒ පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙසේ පවසා තිබිණි.

“දින 3කට කලින් උදේ පත්තර කියවන මාධ්‍යවේදියෙක් පත්තරේ කුඩා කොටසක් කියවලා ලොකු විග්‍රහයක් කරනවා. ඒ ගැන මන්ත්‍රිවරු පෙන්නලා දුන්නා. පාර්ලිමේන්තුවේ 225 ම හොරු කියනවා. මන්ත්‍රිවරු කෙරෙහි වෛරයක් ඇති කරනවා. මන්ත්‍රිවරු 10 ක් 15 ක් නොගැළපෙන විදිහට දඟලනවා.. කතා කරනවා කියලා අපි පිළිගන්නවා. 225 ම එක මල්ලකට දාලා ඔක්කොම හොරු කියලා පත්තර මල්ලිලා උදේට කියවගෙන යනවා. මේ නිසා අවංක මන්ත්‍රිවරයෙකුගේ දරුවෙකුට පාසලකට යන්න බැහැ. තාත්තා හොරෙක්ද අහනවා. මේ තත්ත්වය ඇති කළේ ජනමාධ්‍යවේදීන්. ඒ මාධ්‍ය ජාලයේම ‘The Morning’ පුවත්පත.. තිළිණිට මගේ නීතිඥවරු පෙනී ඉන්නවා කියනවා. ඇමතිකමෙන් අස්වෙන්නලු නැත්නම් නඩුවෙන් ඉවත් වෙන්නලු. මම අමාත්‍ය ධුරය භාරගත්ත දවසේ සිට මට නීතිඥ කාර්යාලයක් නැහැ. නමුත් මගේ කණිෂ්ට නීතිඥවරු 250කට වැඩිය අධිකරණවල ඉන්නවා. මගේ සම්බන්ධයක් නැතුව මගේ කණිෂ්ට නීතිඥවරු නඩුවක ඉන්නවා කියලා ‘The Morning’ පුවත්පත නඩු තීන්දුවක් දෙනවා..”

“මේකට ආවරණයක් අරගෙන.. මෛත්‍රී ගුණරත්න අධිකරණයේ කිව්වා කියනවා.. මං ඒ ගැන සොයා බැලුවා. ඔහු කිසිම දෙයක් ඒ ගැන කිව්වේ නැහැ කිව්වා. මෙය අවුරුදු දෙකක සිරදඬුවමක් දෙන්න පුළුවන් වරදක්.”

කෙසේවෙතත් විත්තිකාර තිළිණි ප්‍රියමාලි වෙනුවෙන් නීතීඥයින් ලෙස අධිකරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂගේ පුත්‍රයා වන රඛිත රාජපක්ෂ ඇතුළු නීතීඥ මණ්ඩලයක් ද පෙනී සිටි බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසීය.

ලිබර්ටි පබ්ලිකේෂන් ආයතනයේ සභාපතිධූරය දරණු ලබන්නේ ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතාය.

මූලාශ්‍රය – අද දෙරණ

පුවත්

ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වෙයි

Published

on

By

අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වී තිබේ.

88 හැවිරිදි වියේ පසුවූ පාප්වහන්සේ ස්වර්ගස්ථ වී ඇත්තේ, වතිකානයේ කාසා සැන්ටා මාර්තා හි පිහිටි උන්වහන්සේගේ නිවසේදීය.

ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගී තත්ත්වයක් හේතුවෙන් මාසයකට වැඩි කාලයක් රෝහල්ගතව සිටි ෆැන්සිස් පාප්වහන්සේ ඉන් අනතුරුව සුවය ලබා ආපසු පැමිණියේය.

ඊයේ (20) දිනයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ පැවැති පාස්කු දේව මෙහෙයටත් උන්වහන්සේ එක්වුණි.

Continue Reading

පුවත්

නොරොච්චෝලේ නවතා තිබූ ජනන යන්ත්‍රය යළි ක්‍රියාත්මකයි

Published

on

By

අවුරුදු උත්සව සමයේ පැවති අඩු ඉල්ලුම හේතුවෙන් නොරොච්චෝලේ විදුලි බලාගාරයේ අක්‍රීය කර තිබූ ජනන යන්ත්‍රය අද (21) උදෑසන 11ට නැවත ක්‍රියාත්මක කළ බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

වර්තමානයේ පවතින ඉහළ බල ඉල්ලුමට අනුගතව ඒකක තුනම ක්‍රියාත්මක වෙමින් පවතින බව වැඩිදුරටත් දැනුම් දී තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධම්මික විමලරත්න මහතා මේ බව දැනුම් දී ඇත.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාවේ වෙනසක්

Published

on

By

සිරි දළදා වන්දනාව පැවැත්වෙන කාල වේලාව සංශෝධනය කර ඇති බව ශ්‍රී දළදා මාලිගාව මහජනතාව වෙත නිවේදනය ක‍රයි.

එම කාලවේලාව පැයකින් දීර්ඝ කර ඇති අතර සංශෝධිත නව කාල සීමාව වන්නේ පෙරවරු 11.00 සිට සවස 5.30 දක්වා ය.

දිවයිනේ නන්දෙසින් මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබීම මෙම කාල දිගුවට හේතුවයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved