පුවත්

තිළිණ ඇතුළුව මහේස්ත්‍රාත්ලා කිහිපදෙනෙකුට ස්ථාන මාරු

Published

on

අධිකරණ සේවා කොමිසම විසින් මහේස්ත්‍රාත්වරු කිහිපදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ.

ඒ අතර, මෙතෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තිලිණ ගමගේ මහතා මොරටුව දිසා විනිසුරුවරයා ලෙස පත්කර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස පත්කර ඇත්තේ, කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තනූජා ලක්මාලි මහත්මියයි.

කොටුව මහේස්ත්‍රාත්වරයා ලෙස පත් කර ඇත්තේ, නිලුපුලී ලංකාපුර මහත්මියයි.

මේ අතර, මොරටුව දිසා විනිසුරු ලෙස කටයුතු කළ චතුරිකා ද සිල්වා මහත්මිය ගල්කිස්ස මහේස්ත්‍රාත්වරිය ලෙස ස්ථාන මාරු කර තිබේ.

Trending

Exit mobile version