Connect with us

පුවත්

තීරණාත්මක 50%ක මැතිවරණ ප්‍රථිඵලය

Published

on

මෙවර ජනාධිපතිවරණ ප්‍රථිපලය කුමක් වුවද එය පිළිගැනීම සඳහා ජනතාව තුළ විශ්වාසනීයත්වයක් ඇති කළ යුතු බව කථිකාචාර්ය ධම්ම දිසානායක මහතා පවසයි.

ජනාධිපතිවරණයේදී කිසිදු අපේක්ෂකයෙකුට 50%ක මැතිවරණ ප්‍රථිඵලයක් ලබාගැනීමට නොහැකි වනු ඇති බවට පළවන මතවාදයන් හේතුවෙන් එම විශ්වාසනීයත්ව ඇති කළ යුතු බව ඔහු සඳහන් කළේය.

කොළඹ පැවැති උත්සවයකට එක් වෙමින් ධම්ම දිසානායක මහතා මෙම අදහස් පළ කළේය.

“ඒ සම්බන්ධයෙන් ජනතාව සුදානම් කිරීමේ වගකීම කොමිසමටත් තියෙනවා. දේශපාලන පක්ෂ හා කල්ලි කණ්ඩායම්වලටත් තියෙනවා. ඒකට හේතුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා බරපතළ විදියට එන්න පුළුවන්. මොකද හේතුව සාමාන්‍ය මිනිස්සුන්ට හිතෙනවා අපේ කෙනා තමා පළවෙනියා ආවේ. හැබැයි දෙවැනි මනාපය ගණන් කරනකොට ඡන්දේ එන එක හරි. මේකේ කිසිම ගැටලුවක් නෑ. නමුත් සිවිල් සමාජය විදියට ලොකු වගකීමක් තියෙනවා මේ එන ප්‍රතිඵලය භාරගැනීම සඳහා සුදානම් කිරීමට.”

කිසිදු අපේක්ෂකයෙකු 50%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගන්නා වාතාවරණයක් තුළ පළමු ගණන් කිරීමේදී දෙවන ස්ථානයට පත්වූ අපේක්ෂකයෙක් මනාප ගණන් කිරීමේන් පසු පළමු ස්ථානයට පත්වුවහොත් ඇති වන වාතාවරණය පිළිබඳ ධම්ම දිසානායක මහතා එහිදී විමසා සිටියේය.

ඊට මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වීය.

“ඕක දැන් බොහෝ වෙලාවට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක්. එහෙම වුණොත් මොකද වෙන්නේ කියන එක. එකම දේ තියෙන නීතිමය රාමුව තුළ මේක හරි. මොකද හේතුව මනාපය කියන එක ඡන්දයක් වෙනවා නේ. ඒ නිසා මේ ක්‍රමවේදය තුළ ඉලන්න අපේක්ෂකයෝ සියලුදෙනාත් ඡන්දය පාවිච්චි කරන සියලුමදෙනාත් මේ රටේ තියෙන නීතියත් එක්ක යන්න වෙන්නේ. මේක වෙන කොහෙන්වත් ආපු එකක් නෙමෙයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම දාලා පනතින් සම්මත කරලා, සියලු අපේක්ෂකයින් වගේම ඡන්ද දායකයෙනුත් මේක දැනගෙන ඉන්නේ. මේ ගැන දැනුවත් කිරීම හොඳයි. අපිට කියන්න පුළුවන් ව්‍යවස්ථාවේ තියෙන ආකාරය විතරයි.”

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි 

Published

on

By

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකිය.

Continue Reading

පුවත්

IMF ණය පහසුකමේ 4 වැනි සමාලෝචනයට විධායක මණ්ඩලයේ අනුමැතිය

Published

on

By

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සඳහා වන මාස 48ක විස්තීර්ණ අරමුදල් පහසුකම (EFF) විධිවිධානය යටතේ සිව්වන සමාලෝචනය ඊයේ (01) දින සම්පූර්ණ කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වි.ගැ.හි. මිලියන 254ක්, එනම් එක්සත් ජනපද ඩොලර් මිලියන 350ක් පමණ වෙනුවෙන් ප්‍රවේශය හිමිවන අතර මේ දක්වා මෙම විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන යටතේ ලබා දී ඇති මුළු මූල්‍යාධාර ප්‍රමාණය ඩොලර් බිලියන 1.74ක් දක්වා ඉහළ යනු ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා විසින් මේ බව නිවේදනය කර සිටී.

Continue Reading

පුවත්

රනිල් දේශපාලනයට වඩා රට ගැන හිතුවා – හිටපු මුදල් ලේකම්

Published

on

By

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට වඩා රට ගැන සිතා කටයුතු කළ බවත්, ඔහු ගත් දැඩි තීන්දු නිසා රටේ ප්‍රගතිය ඉදිරියට කරගෙන යාමට හැකිවූ බවත් මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියයි.

දෙරණ 360 වැඩසටහනට සහභාගිවෙමින් ඔහු මේ බව කියා සිටියේය.

තමාට ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන ජනාධිපතිවරුන් තිදෙනාගෙන් විශිෂ්ට සහයෝගයක් ලැබුණු බවද ඔහු පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමා විශ්වාස කර මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය සඳහා පත්කළ බවත්, අප්‍රසිද්ධ චරිතයක්ව සිටි තමා එම තනතුරට පත් කිරීම පිළිබඳව හිටපු ජනාධිපතිවරයාට තමා ස්තූතිවන්ත බව බවත් ඔහු කීවේය.

රටේ බැරෑරුම් තත්ත්වයක් තිබියදී දේශපාලන නායකත්වය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බවත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සමග සේවය කිරීමේදී ඉතා විශිෂ්ට අත්දැකීම් තමාට ලබා ගැනීමට හැකිවූ බවත්, තීරණ ගැනීම සේම නායකත්වයේ ගුණාංග තමාට ඔහුගෙන් ඉගෙන ගැනීමට අවස්ථාව ලැබුණු බවත් හිටපු ලේකම්වරයා පැවැසීය.

රටවල් සමග ගනුදෙනු කිරීමේදී, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි නායකත්වයක් ලබා දුන් බවද ඔහු පැවැසීය.

ආර්ථික කළමනාකරණය කිරීමේ ගමනේදී අඛණ්ඩතාවය රඳවා ගැනීමේදී අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ගත් තීරණවලට තමා ඉතාමත් ගරු කරන බවද හිටපු ලේකම්වරයා පැවැසුවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved