පුවත්

තීලීපන් සැමරුමට එරෙහිව ඉල්ලු වාරණ නියෝගය ප්‍රතික්ෂේප වෙයි

Published

on

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ලුතිනන් කර්නල්වරයෙකු වන රාසයියා ප්‍රතීපන් හෙවත් ත්‍යාගී තිලීපන්ගේ සැමරුම් වව්නියාව නගරයේ තහනම් කරන ලෙස වව්නියාව පොලීසිය අධිකරණයෙන් කළ ඉල්ලීම අද (20) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

අධිකරණයට කරුණු දක්වමින් පොලීසිය අද කියා සිටියේ මෙහිදී වව්නියාව නගරය වෙත රථ පෙලපාලියක්ද සංවිධානය කර ඇති බවත් මෙමගින් මහජන සාමයට බාධාවක් විය හැකි බවත් ය.

කෙසේවෙතත් වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය සඳහන් කළේ මිය ගිය අය සිහිකිරීමට ඕනෑම පුද්ගලයෙකුට අයිතියක් පවතින බවයි.

කෙසේවෙතත්, මහජන සාමය කඩවන අයුරින් යමෙක් කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට බලය පවතින බව ද විනිසුරුවරයා පවසා සිටියේය.

Trending

Exit mobile version