පුවත්

තුන් මසකට වරක් විදුලි ගාස්තු සංශෝධනය කරන්න යයි!

Published

on

විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් දැනට පවතින පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත.

2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනතේ විධිවිධාන අනුව අමාන්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත්ව විදුලි බලය සැපයීම සම්බන්ධයෙන් වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශයන් සකස් කිරීම සඳහා විදුලිබල විෂයභාර අමාත්‍යවරයා වෙත බලය පැවරී ඇත.

ඒ අනුව දැනට පවතින පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ අනුව විදුලි ගාස්තු සමාලෝචන කාලය මාස 06ක් ලෙස තීරණය කර ඇත.

එහෙත් අදාළ කැබිනට් නිවේදනයේ දැක්වෙන්නේ ඒ අනුව කටයුතු කිරීම හේතුවෙන් පොදු මහජනතාවට මුහුණපෑමට සිදුවන අපහසුතා සැළකිල්ලට ගෙන අදාළ කාලසීමාව මාස 03ක් ලෙස සංශෝධනය කර ඇති බවය.

ලංකා විදුලිබල මණ්ඩලයේ බල ශක්ති යැවුම් විගණන (Dispatch Audit) ක්‍රියාත්මක කිරීමට හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහාය ඇතිව ජල විදුලි පුරෝකථන ශක්තිමත් කිරීමටත් හැකි වන පරිදි දැනට ක්‍රියාත්මක පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීම පිණිස මුදල් ආර්ථීක ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා හා විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Trending

Exit mobile version