පුවත්

තුර්කි භූකම්පනයෙන් තුනක් මරුට!

Published

on

තුර්කියේ සිදුවූ භූකම්පනයෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක ප්‍රබලතාවයකින් යුතුව ඊයේ (20) හටගත් භූකම්පනයෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයින් 680කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

පසුගිය 06 වැනිදා ඇති වූ ප්‍රබල භූකම්පනයෙන් දෙරටේ පුද්ගලයින් 44,000ක් පමණ මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබුණි.

තුර්කි – සිරියා දේශසීමා තුළ තවදුරටත් භූකම්පන සිදුවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවා තිබේ.

Trending

Exit mobile version