පනාගොඩ යුද හමුදා කඳවුරේ මුරකුටියකින් ගිනි අවියක් සොරාගත් සිදුවීමට අත්අඩංගුවට ගත් සැකකරුවකු දිගුකාලයක සිට එච්.අයි.වී. ආසාදිතයකු (ඒඩ්ස්) ලෙස ප්‍රතිකාර ලබන අයෙකු බවට අනාවරණය වී ඇත.
මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ගොඩගම ඛෙත්තාරම විහාරාධිපති මාලඹේ සීලරතන හිමි සමගය.
ගිනි අවිය සොරාගත් සැරයන් මේජර්වරයකු ලෙස පෙනී සිටි පුද්ගලයාද ඛෙත්තාරාම විහාරාධිපති හිමි සමග සමීප මිතුදමක් තිබූ අයවළුන් බවද අනාවරණය වී ඇත.
එච්.අයි.වී. ආසාධිතයකු බවට එක් සැකකරුවකු හඳුනාගෙන ඇති හෙයින් ඔහු සමග සමීප සම්බන්ධතා පැවැත්වූ අය පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අංශ දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.