පුවත්

තුෂාර ඉඳුනිල්ට පැමිණිල්ලක්

Published

on

ජාතික ජන බලවේගයේ නීතිඥවරුන් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (01) පැමිණිල්ලක් සිදුකලේය.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සිදුකළ රැස්වීමකදී සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉදුනිල් මහතා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

මෙහිදී ජාතික ජන බලවේගය වෙනුවෙන් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමට පැමිණී සුනිල් වටගල මහතා සඳහන් කළේ “අනුර කුමාර දිසානයක ප්‍රමුඛ කණ්ඩායම 22 වෙනිදායින් පසුව ව්‍යාපාර අත් පත් කරගන්නාවා, ගෙවල්වලට පනිනවා, යාන වාහන ගන්නවා” යනුවෙන් තුෂාර ඉඳුනිල් මහතා ප්‍රකාශයක් සිදු කර ඇති බවය.

එය, හුදෙක්ම පටු, පෞද්ගලික දේශපාලන අරමුණකින් යුතුව සිදු කරන ලද ප්‍රකාශයක් බව සුනිල් වටගල මහතා අවධාරණය කරයි.

ඔහු තවදුරටත් සඳහන් කළේ, මෙය  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳන්තර්ජාතික සම්මුති පනතේ තුන්වෙනි වගන්තිය උල්ලංගණය කිරීමක් අතර නුදුරේදීම තුෂාර ඉඳුනිල් මහතාට එරෙහිව නීතීමය පියවර ගනු ඇති බවට වීශ්වාස කරන බවය.

Trending

Exit mobile version