Connect with us

පුවත්

අද CIDය හමුවේ පෙනී සිටිය නොහැකියි (UPDATE)

Published

on

පෙර දැනුම්දීම අනුව අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය නොහැකි බව ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතා පවසා තිබේ.

මේ අතර ඔහු ඊට වෙනත් දිනයක් දෙන ලෙසත් ඉල්ලීමක් කර ඇතැයි පොලිසිය සඳහන් කළේ ය. 


(පෙර පුවත 2025 මැයි 07 පෙ.ව.10.33 )

තුසිත හල්ලොලුව අද CIDයට

ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අවමන්සහගත සහ අසත්‍ය ප්‍රකාශයක් සිදු කිරීමකට අදාළ පැමිණිල්ලකට අනුව සිදු කරන විමර්ශනයකට එම ප්‍රකාශය සිදු කළ තුසිත හල්ලොලුව මහතාව අද (07) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබේ.

ඔහු ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂ මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් කටයුතු කලේය.

උදෑසන 10.00 වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණෙන ලෙස ඔහුට දැනුම්දී ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය ඊයේ (06) නිවේදනය කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරන්නේ, එකී ප්‍රකාශයෙන් මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට ගැටලු උද්ගත වන ආකාරයේ ප්‍රකාශයක් සිදුව ඇති බැවින් එම ප්‍රකාශයේ අඩංගු කරුණු සම්බන්ධ මූලාශ්‍ර අනාවරණය කර ගැනීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 109(06) වගන්ති ප්‍රකාරව වූ දැන්වීමක් යොමු කරමින් තුසිත හල්ලොලුව මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබෙන බවයි.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහුගේ නීතිඥ අකලංක උක්වත්ත මහතා විසින් මේ සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ගොනු කර ඇත.

තුසිත හල්ලොලුව නමැති අය විසින් සිදු කර ඇති එම අසත්‍ය ප්‍රකාශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ කීර්තිනාමයට අහිතකර සහ දැඩි අගතිදායී බලපෑමක් සිදු විය හැකි බව ද එම පැමිණිල්ලෙහි සඳහන්ය.

තුසිත හල්ලොලුව යන අයට එරෙහිව සහ එකී ප්‍රකාශය සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය කිරීමට කටයුතු කළ සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ට එරෙහිව කඩිනම් විමර්ශනයක් සිදු කර නීත්‍යනුකූල පියවර ගන්නා මෙන් ද මෙම පැමිණිල්ල මඟින් ඉල්ලා තිබේ. 

සබැඳි පුවත්

පුවත්

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

Published

on

By

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවය.

අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Continue Reading

පුවත්

ඉන්ධන හිඟයක් නැහැ

Published

on

By

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ, මාස 2 කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ වනවිට සහතික කර ඇති බවය.

“ජනතාවට කියන්න ඕනේ කිසිදු ගැටලුවක් නැතුව තව මාස දෙකකට අවශ්‍ය තෙල් අපි ඇනවුම් කරලා තියෙනවා. ඒ ඇනවුම් සහතික වෙලා තියෙනවා. මේ රටේ කිසිම හේතුවක් නිසා තව මාස දෙකක් වෙනතුරු කිසිදු තෙල් හිඟයක් ඇති වෙන්නේ නැහැ. එතකොට ගැටලුව තියෙන්නේ අපිට තෙල් ලැබෙන්නේ මොන මොන තැන්වලින් ද කියලා. එතකොට යුද්ධයේ බලපෑමක් තියෙනවාද කියන එක තමයි ඊට පස්සේ අපි බලන්න ඕනේ.”

පවතින තත්ත්වය හමුවේ නීතිවිරෝධී ලෙස ඉන්ධන සංචිත රැස්කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බව ඩී. ජේ. රාජකරුණා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

“අපි ළඟ තියෙන වාර්තා අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් වැඩි ප්‍රමාණයක් ආනයනය කරන්නේ යුද්ධය තියෙන කලාපයෙන් නෙමෙයි. එම තෙල් අපිට එන්නේ මැලේසියාව, සිංගප්පූරුව, ඉන්දියාවේ සිකාවලින්. එකම එකක් තිබුණා ඕමාන්වලින් ආනයනය කළා. ඒකත් හෝමූස් සමුද්‍ර සන්දිය වසා දැම්මත් අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. අපි එකේ සැපයුම්කරුවන්ට කතා කරලා ඒක සම්පූර්ණ තහවුරු කරන්න ඉන්නේ. ඩීසල් ගත්තා සම්පුර්ණ එහෙමයි යුදමය කලාපයෙන් නෙමෙයි අවසන් නිමැයුම් හැටියට අපිට ලැබෙන්නේ.”

Continue Reading

පුවත්

හොරණ – කොළඹ පෞද්ගලික බස් ධාවනයෙන් ඉවතට

Published

on

By

හොරණ – කොළඹ මාර්ග අංක 120 පෞද්ගලික බස් රථ අද (25) දින ධාවනවෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අසාධාරණ ලෙස බස් රථයක් යෙදවීමට විරෝධය දක්වමින්ය.

වර්ජනය හේතුවෙන් අපහසුතාවට ලක්ව සිටින මගීන් වෙනුවෙන්  ලංගම බස් රථ යෙදීමට කටයුතු කර  තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved