Connect with us

පුවත්

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවට නව සභාපතිවරයෙක්

Published

on

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති ලෙස මහාචාර්ය  ජී.එල්. ධර්ම ශ්‍රී වික්‍රමසිංහ මහතා පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර ඇත.

ඒ මහතා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති වශයෙන් වසර 4 ක කාලයක් සඳහා මෙම පත් කිරීම සිදුකර තිබේ.

මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන ඔහු, පිලිපීනයේ මැනිලාහි අන්තර් රාජ්ය සංවිධානයක් වන කොළඹ ක්‍රමය මාණ්ඩලික විද්‍යායතනය 12 වන අධ්‍යක්ෂ ජනරාල්වරයා වශයෙන්ද ආසියානු පැසිෆික් ප්‍රතීතන සහ සහතික කිරීමේ කොමිසමේ සභාපති වශයෙන්ද 2021 සිට 2024 දක්වා වසර 3 ක කාලයක් සේවය කළ අතර එම තනතුරු දැරූ පළමු ශ්‍රී ලාංකිකයාද ඔහු වේ.

තවද ඔහු වෘත්තීය තාක්‍ෂණ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයෙකු වශයෙන්ද, මොරටුව විශ්ව විද්‍යාලයේ විවෘත හා දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථානයේ සභාපති වශයෙන්ද, මොරටුව විශ්ව විද්‍යාලයේ රෙදිපිළි හා ඇඟලුම් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ අංශ ප්‍රධානියා වශයෙන්ද අධ්‍යාපන පරිපාලන තනතුරුවල කටයුතු කොට තිබේ.

මහාචාර් ය වික්‍රමසිංහ මහතා කෑගල්ල පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙක් වන අතර ඔහු මොරටුව විශ්වවිද්‍යාලයේ පළමු පන්තියේ ඉංජිනේරු ගෞරව උපාධිධාරියෙකි.

එක්සත් රාජධානියේ මැන්චෙස්ටර් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියද, ලන්ඩන් කලා විශ්ව විද්‍යාලයෙන් ඉගෙනුම් හා ඉගැන්වීම් පිළිබඳ පශ්චාත් උපාධි සහතිකය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් (PIM) ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ඇති අතර ඔහු ශ්‍රී ලංකා ඉංජිනේරු කවුන්සිලයේ වරලත් ඉංජිනේරුවරයෙකි.

ඔහු සිය උසස් අධ්‍යාපන වෘත්තිය ක්ෂේත්‍රයට සමාන්තරව රාජ්ය හා පෞද්ගලික ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

මේ අතර විවිධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ උපාය මාර්ගික හා තාක්‍ෂණික කමිටුවල සභාපතිවරයෙකු සහ සාමාජිකයෙකු වශයෙන් පුළුල් වශයෙන් දායක වූවෙකි.

පර්යෙෂණ ප්‍රකාශන 70 කට වැඩි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර ඇති ඔහු ඉන් 30 කට අධික ප්‍රමාණයක් ජාත්‍යන්තර සුචිගත කළ සඟරා ප්‍රකාශන වේ.
පර්යෙෂණ සඳහා ඔහු දැක්වූ දායකත්වය වෙනුවෙන් එමරල්ඩ්ප්‍ රකාශන සම්මානය, විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මානය සහ විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ශ්‍රී ලංකා ජාතික පර්යෙෂණ සභා කුසලතා සම්මාන ඇතුළු ජාතික හා ජාත්‍යන්තර සම්මාන 18 ක් ඔහුට පිරිනමන ලදී. 2018 දී ලෝක අධ්‍යාපන සම්මේලනය සංවිධානය කරන ලද “ශ්‍රී ලංකා අධ්‍යාපන නායකත්ව සම්මාන උළෙලේදී” අධ්‍යාපනය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දීම සඳහා වූ සම්මානය ද ඔහුට පිරිනමා ඇත.

පුවත්

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට සිට

Published

on

By

යල කන්නයේ වී මිලඳී ගැනීම හෙට (03)  ආරම්භ කිරීමට නියමිතය.

ඒ සඳහා පසුගිය අයවැයෙන් රුපියල් බිලියන 06ක් වෙන් කර තිබේ.

වී අලෙවි මණ්ඩලය ප්‍රකාශ කළේ, අම්පාර මුලතිව් හා මඩකලපුව දිස්ත්‍රික්කවල වී අස්වනු නෙළීම මේ වනවිට ආරම්භ වී ඇති බවය.

වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ,
නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්,
සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත්
කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 132කටත්
 මිලදී ගන්නා බවය.

Continue Reading

පුවත්

සංවිධානාත්මක අපරාධ ක්‍රියා මැඩලීමට නව නීති

Published

on

By

සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා, නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය  ආනන්ද විජේපාල මහතා පවසයි.

ඔහු සඳහන් කළේ,  ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වනවිට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹ ඇති බවය.

අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන, ප්‍රශ්න කෙරෙන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදන වලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

එම පනත අහෝසි කිරීමත් සමග සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බව අමාත්‍යවරයා විසින් සඳහන් කරන ලදී.

ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මේ වනවිට කෙටුම්පත් කරමින් පවතින බව, අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේ ය.

Continue Reading

පුවත්

ඩිජිටල් හැඳුනුම්පතට ටෙන්ඩර් කැඳවයි

Published

on

By

නව ඩිජිටල් හැඳුනුම්පත සකස් කිරීම සඳහා, ඉන්දීයානු සමාගම්වලින් ටෙන්ඩර් කැඳවූ බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසයි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ,  මාස 4ක කාලයක් ඒ සඳහා ලබා දෙන බවය.

එම ව්‍යාපෘතිය සඳහා ඉන්දියාව මෙරටට ප්‍රදානයක් ලෙස ලබාදෙන මුදල රුපියල් බිලියන 10.4 කි.

නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පැවසුවේ, ලබන වසරේ මැද වනවිට නව ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට කටයුතු කරන බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved